ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනා හොංකොං හි විශාලතම නඩුවට මුහුණ දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 30,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන් 47 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ හොංකොං හි දීර්ඝතම සහ විශාලතම ජාතික ආරක්‍ෂක නඩු විභාගය අවසානයේ තීන්දුවක් පැමිණ ඇති බව වාර්තා වේ.

නගරයේ නීති සම්පාදකයින්ගේ මැතිවරණයට තරඟ කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා 2020 දී නිල නොවන ප්‍රාථමික මැතිවරණයක් පැවැත්වීමට ගත් උත්සහයක් කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව මත චීනය විසින් පනවන ලද ජාතික ආරක්ෂක නීතියක් යටතේ කරන ලද වැටලීම් වලින් ප්‍රජාතන්ත්‍රවාදීන් 47 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වසර තුනකට වැඩි කාලයකට පසුව මෙම තීන්දුව පැමිණ තිබේ.

බොහෝ විත්තිකරුවන් 2021 පෙබරවාරි 28 සිට දින 1,000 කට වැඩි කාලයක් රඳවා තබාගෙන ඇති අතර එක්සත් ජනපදය ඇතුළු රටවල් මෙම නඩු විභාගය දේශපාලන අභිප්‍රේරණයක් ලෙස විවේචනය කර ඇති අතර විත්තිකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ඇලෙක්ස් ලී, ඇන්ඩෘ චෑන් සහ ජොනී චෑන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (31) පැවැත්වෙන නඩු විභාගවලදී ඔවුන්ගේ තීන්දුව ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන බව එරට අධිකරණ වෙබ් අඩවිය පවසයි.

මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ, 2020 දී ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක වූ දා සිට සිවිල් කණ්ඩායම් විසුරුවා හැර ඇති අතර ස්වාධීන මාධ්‍ය ආයතන වසා දමා ඇති අතර නගරයේ ව්‍යවස්ථාදායකය දැන් සමන්විත වන්නේ බීජිං ගැති පක්ෂපාතියන්ගෙන් පමනක් වන අතර බොහෝ ප්‍රජාතන්ත්‍රගැති පුද්ගලයින් සිටින්නේ සිරගෙවල්වල හෝ විදේශගතව වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...