*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව අලුත් වැඩක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවේ තීරණයට අනුව කරවල, හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේ දී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම අද සිට අනිවාර්ය කර  ඇත.

මෙම තීරණය  ගෙන ඇත්තේ , මෙරටට ආනයනය කරනු ලබන ඇතැම් කරවල, හාල්මැස්සන් සහ පළතුරු තොගවල බැර ලෝහ සහ ආසනික් විශාල වශයෙන් අඩංගු බවට තොරතුරු අනාවරණය වීමත් සමගයි.

ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ලෙඩ් නමැති රසායනිකය විශාල වශයෙන් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇති අතර , මෙම තත්ත්වය මහජන සෞඛ්‍යයට හානි කරවන අතර හාල්මැස්සන් සහ පළතුරු ආනයනයේදී බැර ලෝහ සහ ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමටත් ආනයනික පළතුරුවල අඩංගු ලෙඩ් හෙවත් ඊයම් ප්‍රතිශතය පිළිබදව පරික්ෂා කිරීමත් අද සිට අනිවාර්යය කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම මෙම ආහාර මෙරටට ආනයනය කිරීමේදී බැර ලෝහ තිබිය හැකි අවම ප්‍රමාණයට වැඩිපුර අඩංගුව නොමැති ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනයට අදාළ සමාගම් සහ පුද්ගලයින් වගබලා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කළේ.

මේ අතර මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට 0112 11 27 18 යන විශේෂ දුරකථන අංකයක් ද ආහාර පාලන ඒකකය විසින් හදුන්වා දී ඇත.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan