හිගුරක්ගොඩ මූලික රෝහලේ අඩුපාඩු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය.

Date:

දැඩි අඩුපාඩු මධ්‍යයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන පොලොන්නරුව හිගුරක්ගොඩ මූලික රෝහලේ වකුගඩු රෝග නිවාරණ හා රුධිර කාන්දුකර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) නිරත විය.

වසර 70කට අධික ඉතිහාසයක් ඇති මෙම රෝහල වසර 50ක කාලයක සිට නවීකරණය වී නොමැති බවත් ජනාධිපතිවරයකු පවා බිහි කළ මේ පුරවරයේ පිහිටි මෙම රෝහල මෙවැනි තත්ත්වයක පැවතීම සිතා ගත නොහැකි බවත් එහි සිටි පුද්ගලයන් විපක්ෂ නායකවරයා හමුවේ පැවසීය. එසේම වකුගඩ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී ඒ සදහා අවශ්‍ය උපකරණවල දැඩි අඩුපාඩු රැසක් පවතින බව විපක්ෂ නායකවරයා දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ අඩුපාඩු සපුරා ලීමට හැකි උපරිම උදව් උපකාර ලබා දෙන බව යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...