*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

කාන්තාවන්ට සමාන ඉඩක් හදන්න වොලිබෝලයෙන් “පින්ක්”

වර්ණ සහ මනෝභාවයන් ගැන සළකද්දී රෝස පැහැය කාන්තාවට සහ ආදරයටත් කරුණාවටත් ගලපා කතා කිරීම ස්වභාවය වන්නේය.සම්ප්‍රදායික හැඟීම් හා සළකද්දී පරාධීන මානසික තත්ත්වයන් කාන්තාව දෙවන ගණයේ පුරවැසියෙක් සේ සළකා කටයුතු කිරීම ද සාමන්‍ය තත්ත්වයකි.ලංකාවේ ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ 2021 – 2024 ඉලක්කයක් සේ සැළකු ක්‍රීඩාව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ඇතුළත් කිරීම අරමුණු කර ගත් වැඩ සටහනේ ශ්‍රී ලංකා ප්‍රවේශය සඳහා තෝරා ගෙන ඇත්තේ කාන්තා වොලිබෝල් ක්‍රීඩාවට ඇති සමාජීය ඉඩකඩ පුළුල් කිරීමය.ඒ අනුව ජාතික ඔලිමිපික් කමිටුවේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ක්‍රියාත්මක කරන කාන්තාවන්ගේ වොලිබෝල් දායකත්වය වැඩි කිරීමේ පින්ක් නම් ව්‍යාපෘතිය ලංකාව පුරා ක්‍රියාත්මක වීමේ පළමු පියවර ජූනි 17 දා රත්නපුරෙන් ආරම්භ වීමට නියමිතයි.

“මේ වැඩේ ආසියානු ඔලිම්පික් සංගමයෙන් ලංකාවේ ජාතික ඔලිමිපික් කමිටුවට ලැබිලා ඒක අපට පවරලා තිබුණා.අපි මේක පළමු කොට ක්‍රීඩිකාවන් හතරක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් කියා කණ්ඩායම සකස් කර පවත්වන්න යෝජනා කළා.නමුත් විවිධ දුෂ්කරතා නිසා කාන්තාවන් පමණක් සාර්ථක කරගෙන මේ වැඩ සටහන ක්‍රියාත්මක කරන්න අපි පස්සෙ තීරණයකට ආවා.ඒ අනුව වැඩේ රත්නපුරෙන් 17 දා ආරම්භ වෙනවා.සබරගමු පළාතෙ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙන් මේ වන විට කණ්ඩායම් 49 ක් මේ තරගාවලිය සඳහා පුරුදු පුහුණු වෙමින් ඉන්නවා.මේ කතා කරන මොහොතෙත් කෑගල්ල දිස්ත්‍රික්කයෙ සහභාගීත්වය සනාත කර තිබෙන පාසල්වලට ආනන්ද වන්නිතිලක,සුසිල් රණසිංහ සහ එරංග රත්නසේකර කියන වොලිබෝල් සංගමයෙන් පත් කරපු නියෝජිතයො ගිහිං ඒ අයගෙ ක්‍රීඩා රටාවන්,පුහුණු රටාවන් අධික්ෂණය කරමින් ඉන්නවා.නිකංම පවත්වන තරගාවලියක් නෙමෙයි.පෙර සූදානමක් සහතින කාන්තා වොලිබෝලයට දක්ෂයන් වැඩි පුර හඳුන්වා දෙන්න මහන්සි වෙලා කරන වැඩ සටහනක්.”
බොහෝ කාර්ය බහුල තත්ත්වයක් මධ්‍යයේ වුව ද,වොලිබෝල් සම්මේලන සභාපති කාංචන ජයරත්න අප වෙබ් අඩවියට කරුණු පැහැදිළි කරමින් පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ඔලිම්පික් ප්‍රඥප්තියේ ඔලිම්පික් ක්‍රීඩාවේ මූලික මූලධර්ම සේ සළකා ස්ත්‍රී පුරුෂ සමානත්මතාවය සම්බන්ධයෙන් ගෙනා යෝජනාවන් අතර ප්‍රධාන වශයෙන්ම අදහස් කරන කරුණු දෙකක් දැක්වෙනවා.2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වගකීම් බෙදී යාමේදී කාන්තාවන්ට අති විශාල ඉඩක් සහ සැළකිල්ලක් හිමි වුණේ ඒ ආකාරයටයි.
ඔලිම්පික් ක්‍රීඩා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ඇතුළත් කිරීම සහ විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත් ඵලදායී ගෝලීය වේදිකාවක් ලෙස ඒකාබද්ධ කිරීම සහ ඔලිම්පික් ව්‍යාපාරයේ පාලනය, නායකත්වය සහ තීරණ ගැනීමේ ආයතනවල අර්ථවත් කාන්තා නියෝජනය වේගවත් කිරීම සඳහා ආදර්ශයෙන් නායකත්වය දීමට සහාය වීම වැනි කරුණු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ප්‍රතිපත්තිවලින් පැහැදිළි කර ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ නිසා රත්නපුරෙන් සළකුණු කරන වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීීඩාව තුළ තබන රෝසමය සටහනක් පමණක් නොව ස්වර්ණමය සටහනක් ද වෙනවා.රත්නපුර සිවලි ක්‍රීඩාංගණයට රත්නපුරයේ ක්‍රියාත්මක ක්‍රීඩාවන් හා සසැදීමේදී වොලිබෝල් එතරම් සමීප ඉසව්වක් නොවන නිසා මෙය රත්නපුර සීවලි ක්‍රීඩාංගණයටත් ආකර්ශණය දනවන අලුත් අත්දැකීමක් වෙනු ඇති.කාන්තාවන්ගේ දායකත්වය ඉහළ නැංවීම වගේම රත්නපුරට වොලිබෝල් ආකර්ශණය වන අලුත් පියවරක් හැටියටත් “පින්ක් වොලිබෝල් තරගාවලිය” රට පුරා යන ගමණේ මංගල පියවර රත්නපුරේ තබන මොහොත අතිශයින් සාර්ථක එකක් වෙන්නැයි LNW සුබ පැතුම් එක් කරනු කැමත්තෙමු.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan