*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

තක්සේරු දෙපාර්තමේන්තු නිලධාරිනියක් සේවා ස්ථානය තුළ අඩස්සියේ ! (VIDEO)

ගාල්ල තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් අද දහවල් 12.00 සිට සිය සේවා ස්ථානය තුළ සත්‍යග්‍රයක නිරත වී සිටින අතර මේ වනවිට අදාළ කාර්යාල පරිශ්‍රය වසාදමා සියලු දෙනා පිටව ගොස් ඇති හෙයින් ඇය විදුලිය හෝ වැසිකිලි, කැසිකිලි පහසුකම් කිසිවක් නොමැතිව එම පරිශ්‍රය තුළ අඳුරේ සිටින බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව තුළ ඉහළ නිලධාරියකුගෙන් තමන්ට එල්ල වූ පීඩනයට සහ ඊට එරෙහි වූ තමන්ට ලැබුණු දඬුවම් මාරුවකට එරෙහිව ඇය මෙසේ සත්‍යග්‍රහයක නිරත වී සිටින බව සඳහන්.

ඒ අනුව එක්දරු මවක් වන ඇය මේ වනවිට (රාත්‍රී 07.00) එම පස්මහල් ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ විදුලි ආලෝකය හෝ වෙනත් කිසිදු පහසුකමක් නොමැතිව රැඳී සිටින අතර කාර්යාල පරිශ්‍රය යළි විවෘත කෙරෙන්නේ තව දින දෙකකිනි.

මෙම තත්වය පිළිබඳව ඇය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අදහස් පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan