විදේශ අමාත්‍ය GL පීරිස් ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ දී හමුවෙයි

Date:

සිංගප්පූරුවේ දී පැවති ෂැංග්‍රිලා සංවාදය අතරතුර දී විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රිචර්ඩ් මාල්ස් මැතිතුමා හමුවිය.

ඕස්ට්‍රේලියාවේ නව රජයට සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ ආචාර්ය පීරිස් මැතිතුමා, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5 ක ඉලක්කගත සංවර්ධන සහාය ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඔහු ඔස්ට්‍රේලියානු රජය වෙත ස්තුතිය පුද කළේය. 

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිචාරය සඳහා ලබාදුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7 ක සම්පූර්ණ සහය පැකේජය පිළිබඳව ඔහු සිය ප්‍රසාදය පළ කළේය. එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ප්‍රයත්නවලට සහය වීම පිණිස ඕස්ට්‍රේලියාවෙන් උපකරණ හා මෙවලම් පරිත්‍යාග කිරීම පිළිබඳව ද ඔහු එලෙසම සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවෙන් සහය ලබා දිය හැකි ආකාර පිළිබඳව අමාත්‍යවරු දෙපල සාකච්ඡා කළහ.

මිනිස් ජාවාරම, සංක්‍රමණය හා දේශසීමා කළමනාකරණය පිළිබඳ සහයෝගීතාව, ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබාදෙන අවස්ථා ඉහළ නැංවීම සහ ආසියාන් කලාපීය සංසදය, බාලි ක්‍රියාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලය හා ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය (අයෝරා) වැනි ජාත්‍යන්තර සංවිධානවල දී සහයෝගීතාව වැඩිදියුණු කිරීම, සාකච්ඡාවට භාජනය වූ අනෙකුත් කරුණු අතර විය. 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022  ජුනි 12 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...