විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දෙන්නේ නෑ – අනුර (VIDEO)

යෝජිත විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් නීතියක් හදන්න හදනවා, මාධ්‍ය මර්දනය කරන්න. සමාජයට හිතකර මාධ්‍ය භාවිතාව කියන ලේබලයට මුවාවෙලා මොකක්ද මේ කරන්න හදන්නෙ ? දැන් මං කතාවක් කියලා තියෙනවා බැංකු පද්ධතිය ආණ්ඩුවට ණය දීලා තියෙනවා, ලංකා බැංකුවේ තැන්පතුවලින් 58%ක් – මහජන බැංකුවේ 38%ක් – NSB එකේ 60%ක් ආණ්ඩුවට ණය දීලා. දැන් මම කියන්නෙ මොකක්ද, මේ ණය කපන්න ගියොත් බැංකු අවදානම්. ඕක දානවා ටීවී එකේ. දාපු හැටියේ මේ ප්‍රකාශය මාධ්‍ය නාලිකාවල වාර්තා කිරීම නිසා මාධ්‍ය නාලිකාව තහනම් කරනවා. මාධ්‍ය නාලිකාව තහනම් කළාට බැංකු වැටෙන එක නතර වෙන්නෑ හොඳේ. ඔය මාධ්‍ය මර්දනය සඳහා ගේන පනත නම් පාර්ලිමේන්තුවේ ඔය විදියට සම්මත වෙන්න ඉඩ නොදෙන බව අපි සහතික කරනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාජබ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...