*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අපි කෙන්යාවට වඩා වෙනස්

ෆේත් කිප්යෙගොන් ලෝක වාර්තා දෙකක් තිබූ බව අපි දනිමු.අපට දකින්නේ තනිවම දුවන ඇයය.නමුත් ඇය පිටුපස ශක්තිය ව්නට ආදරය වන්නට සමාජයක් නිර්මාණය වී ඇත.ක්‍රීඩකයින් නොව ක්‍රීඩා පරිපාලකයන්ට ද ඇමති දොර ගාව පැය ගණන හිටගෙන සිටියද මේ සුහදතාවය නොලැබෙන්නේය.අරක්ගත් කණ්ඩායම්වලට ක්‍රීඩාවේ තැන් හැදීම මිස වැඩක් කරන උන් මේ වන විට ක්‍රීඩාවෙන් වද කිරීම තදින්ම කෙරීගෙන පවතියි.ඒ වද කිරීම් හිරිකිත නැතුව ක්‍රීඩාව වෙනුවෙන් යැයි කියන්නට ද පෙළඹෙයි.


තෑගි දෙන්නට තරග ආරම්භ කරන්නට නොඑන බව කියන ක්‍රීඩා ඇමති ක්‍රීඩාව සිඳුවන්නේ කොහොමද,නරඹන කොට දැනෙන හැඟීම කුමක්ද කියා දන්නේ නැත.ඔහු කියන්නට හදන්නේ ක්‍රීඩාවට මැදිහත් නොවී පවත්වාගෙන යන්නට ඉඩ දී තිබෙන බවය.ක්‍රීඩාවට මැදිහත් විය යුතුය.ඒවා බිමට බැස නරඹා වැළදගෙන සුබ පැතිය යුතුය.දිරි දිය යුතුය.පරාජයේ දී හිත හැදිය යුතුය.
ලෝක කුසලානය පරාජය වූ විට එම්බාපේ ඉදිරියේ දණ ගසා හිත හැදූ ප්‍රංශ ජනාධිපති දකින්නට ඇත.අපේ ක්‍රීඩා ඇමති කරේ පාපන්දු තහනම් කරන්නට වැඩ හැදීමය.ජනාධිපතිත් සද්ද නැත.දැන ෆිෆා එකෙන් එන මුදල් ලංකාවේ පාපන්දුවට ලැබෙන්නේ නැත.හිටපු නිලධාරීන්ට හෝ පසුව ආ නිලධාරින්ට අවුලක් නැත.පාපන්දු ක්‍රිඩා කරන පොඩි මිනිහාට ආදායම ඇහිරිලාය.


මේ පිංතූරයේ ඉන්නේ කෙන්යා ජනාධිපති ආචාර්ය විලියම් සැමොයි රුටෝ ය.ඒ ෆේත් සමඟ ජය සමරන හැටිය.ජනාධිපතිගේ උකුලේ හුරතල් වන්නේ ෆේත් ගේ සිඟිති දියණිය ය.
ලංකාවේ ඇමතිලාට මෙහෙම හැසිරෙන්න බැරිය.දොර ගාවි සිටම ලේකම්ලා රොත්ත ද,ආරක්ෂකයෝ ද උථ්සාහ කරන්නේ ඇමති සහ පැමිණෙන පුද්ගලයා කුමන තරාතිරමක වුව දුරින් තබන්නය.රන් පදක්කම්,ලෝක වාර්තා කිසිවක් අදාළ නැත.රොෂාන් රණසිංහ හැසිරෙන්නේ ඇත්තටම ඒ තත්ත්වය හොඳටම ඔළුවට කා වද්දා ගෙනය.ඔහුට ක්‍රිඩාවේ ඔහුට වඩා කෙනෙක් නැති බව කියා පෑම අංක එකය.
“මම දැනගෙන ඉන්න ඕනි.මට ඕනි විදිහට වෙන්න ඕනි. “
මේ අපට නිතර ඇහෙන අදෝනාව වී ඇත.ක්‍රීඩාවට වෙන්න ඕනි දේ අසා දැන ගන්නට ඒ සම්බන්ධයෙන් පළල් දැණුමක් ඇති අය ද ඔහු වටේ නැත.ඉන්න අය තමන්ට අවශ්‍යය විදිහට තමන් සම්බන්ධ ක්‍රීඩාව හසුරුවාගන්න ඇමති උඩ දාන අය ය.


කෙන්යාව ක්‍රීඩාවෙන් උපයන්නේය.ඒ උපයන්නේ ඔවුන් ක්‍රිඩාව වෙනුවෙන් පිළිවෙලක් සැළසුමක් ඇතිව ආයෝජනය කිරීමෙන් ඉනික්බිතිවය.ජයග්‍රහණ විශාල තොගයක් පැමිණෙන විට ඒ බිම පුහුණුව සඳහා සොයා එන පිරිස ද වැඩි වන්නේය.විදේශ ක්‍රීඩකයින් පුහුණුව සඳහා කෙන්යාව යොදා ගැනීම වැඩි වෙන්නේ ඒ ආකාරයටය.ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ද කිලිමන්ජාරෝ අවට උස් ප්‍රදේශවල පුහුණුවට ගොස් ඇත.නමුත් හෙලිකොප්ටර් යොදා මුදු මාරු කරන්නට තරම් වියදමක් ඒ ක්‍රීඩකයො හිටපු සම්පූර්ණ කාලයටම ගොස් නැත.


ලංකාවේ දුර දුවන්නන් සහ මැදි දුර දුවන්නන් බොහෝ විට දුවන්නේ කඳුකරයට වෙන්නටය.නුවරඑළිය දක්වා මහනුවර සිට ද,වැලිමඩ සිට ද පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ ජයග්‍රහණ ගෙන ආවාට කොළඹ නොසිටියිනම් කෑම වියදමවත් නැත.කෑම ටික ක්‍රීඩකයින් ළඟට නයිරෝබි සිට ප්‍රවාහනය කරන්නේ ද,නැතිනම් පුහුණු මධ්‍යස්ථාන සහිත ප්‍රදේශවල ග්‍රාමීය ආර්ථිකය නංවන්නට පුහුණු කදවුරු ආශ්‍රිත ප්‍රදේශ ප්‍රයෝජනයට ගන්නේය.


ලංකාවේ කොළඹ නැත්නම් කෑම වියදම නොදෙන හේතුව ක්‍රීඩා අධ්‍යක්ෂ විජේරත්නට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්න රහසක්ය.අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මාධ්‍යයට කියන්න බැරි රහසකි.අපේ බදු මුදලෙන් දුවන පිරිසට ගෙවනු විනා ඒවා නිලධාරි ගෙදරින් ගෙන එන්නේ නැත.ඒවා අපේ සතුටට සහ අභිමානයට හේතුවන පරිදි වෙහෙසන ක්‍රිඩකයින්ට නොගෙවන්නේ ඇයි ද යන්න දැන ගැනිමට අයිතියක් තිබිය යුතුය.අපේ බදු මුදල්,අපේ අභිමානය වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ට ගෙවන්නේ නැත්තේ ඇයි? ප්‍රශනය සරල කර විට එසේය.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ දේවල් කියන්නට යන්නේ නැත.අධිකරණයේ පවතින නඩු පදනම් කරගෙන ඒවා තමන්ට වාසිදායක ලෙස හරවාගත හැකිය යන අන්ධ විශ්වාස කතා පමණක් ඔහු දොඩවන්නේය.උපදෙස් ඉන්න අය කරන්නේ ලියවිල්ලක් ආ විට එය කපා කොට ඇතුළත් කිරීම් කර වෙනස් කිරීම් කර තමන්ට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට තරම් බලයක් ලංකාවේ ක්‍රීඩාවේ කාටවත් නැති බව පෙන්නීමටය.අතේ ශතේ නැතත් ජැණිඩියට අදින මිනිසුන් සිටින සේ ශතයක්වත් වියදම් නොකරන සංචාරවලටත් අතින් වියදම් කරගෙන අයගේ නම් පවා කපන මෙවැන්නන් එක්තරා ආකාරයක රෝගීන්ය.


ඉතිං අපියි කෙන්යාවයි සසදන්න නොහැකි අපේ ඉහළින් පහළට ගලා එන සිතුවිලිවල අරක්ගෙන තිබෙන මෝඩ උද්ධච්ඡකම් නිසාය.ශ්‍රී ලංකා ක්‍රිකට් මෑතක රදැල්ල පිටිය යළි ස්ථාවර කළේය.එය යහපත් වැඩකි.නමුත් දැන් එහි වැඩ කෙරෙනවාද යන්න සැක සහිතය.ක්‍රිඩා අමාත්‍යවරයා ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් ද ගෙන එහි වැඩවලට ඇගිලි ගැසිය හැකි හිල් සොයමින් නොසිට කළ යුත්තේ එම පිට්ටනිය අවට පළතුරු සහ එළවළු ප්‍රධාන කොටගත් ආහාර විකිණීමට නවීන මධ්‍යස්ථානයක් සැකසීමට උදව් ඉල්ලා සිටීමය.ජනාධිපතිවරයාට කියා ඒ සඳහා ආණ්ඩුවේ සහය ලබා ගැනීමය.විදේශිකයන් තරග සඳහා පමණක් නොව සමහර අවස්ථාවන්වල එම රටවල ශිත සෘතුවේ පුහුණු කදවුරු සඳහා ද පැමිණීමට ඉඩ ඇත.
එසේම නුවරඑළිය ආසන්නයට වන්නට හොඳ කෘතිම ධාවන පථයක් එළිම මෙන්ය ක්‍රීඩා අමාත්‍යංශයෙන් වඩා පළල් ක්‍රීඩක සුබ සාධනය වෙනුවෙන් විවෘත වූ ආයතනික ශාකාවක් ඇරඹීම ද වැදගත්ය.පහසුකම් සහිත ශක්තිවර්ධන සහ කායවර්ධන උපකරණ ඇතුළත ව්‍යායාම ශාලාවක් ද ස්ථාපිත කළ යුතුය.
මේ කෙන්යාව දෙස බලාගෙන සාමාන්‍ය ක්‍රීඩාවට ආදරය කෙනෙක්ට දැනෙන හැඟීම්ය.පේන හීනය.ක ීඩකයා රටින් වෙන රටවලට ගොස් අතුරුදහන් වන මට්ටමට නොව රටින් රට ගොස් කීර්තිය ගෙනෙන රට වෙනුවෙන් උපයන කෙනෙක් බවට පත් කරන්නේ කෙසේද?ජයග්‍රාහකයන්ට සළකන්නේ කිනම් ආකාරයකින් ද යන්න හිකා බලන්නට මේ පිංතූරයටවත් මේ අකුරුවත් උත්තේජනයක් විය හැකි අමාත්‍යවරයෙක්,ජාතික ක්‍රීඩා සභාවක්,සංවර්ධන දෙපාර්තමේන්තුවක් හෝ අමාත්‍යංශයක් අපේ පොළවේ ඇති වුණ දාක මේවා ගැන හීනියට හෝ කතා කරන්නට ඉඩ ඇත.


නැත්නම් ෆේත් තරම් විශ්වාසයෙන් අපේ ෆෙත්ලාට දුවන්නට පනින්නට ක්‍රීඩා කරන්නට බැරිය.ක ීඩාවට දහඩිය වැටෙන්නේ ක්‍රීඩකයාගෙන් වුවත් ඒ සියල්ල කර ක්‍රීඩකයෝ ස්ර්ලාට අවනතව ඒකත්පස්ව සිටිය යුතුය.ඒ අය දෙන දේ කා වෙන දේ බලා සිටීම හැරි අපේ රටේ වෙනස් දෙයක් සිදුවන්නේ නැත.එසේ කරන්නට ගියහොත් ක්‍රිඩා පණතේ ඇමතිට අභිමතය පරිදි වැඩ කළ හැකි වචන පෙළක් ඇත.ඒවාට ඉහළින් ඇති දේ නොකියන ඇමති අභිමතය හරියටම පෙන්නනු ඇත.
ෆේත් උඹලා හොඳ පාලකයින් ලබන්නට වාසනාවන්තයි.ඔවුන් ඇත්තටම දුරස් නැති මහජන සේවකයින්ය.
දැනට කිව හැක්කේ එපමණයි.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan