හර්ෂගේ කතාව අතේ පත්තු වෙයි. මාලදිවයින් හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් !

Date:

ශ්‍රී ලංකාවට අරාබි රටවල් ආධාර ලබා නොදෙන බවට තමන්ගේ නම ද ඈඳමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසයි.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය හමුවේ රටවල් ගණනාවක්ම උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර එම සහායයන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මොහොමඩ් නෂීඩ් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

හර්ෂ ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ “මට හම්බුණා මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්, දැන් සති එකහමාරකට දෙකකට විතර කලින්. නෂීඩ් කිව්වා අපි කෝපි එකක් බොමු කියලා. එයා හිටපු ජනාධිපති, දැන් කථානායක. නෂීඩ් කිව්වා ‘හර්ෂ මට පොඩි කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා ආණ්ඩුවෙන්’ කියලා. – පළවෙනි පාරට මම මේක මාධ්‍යයට කියන්නෙ – මං ඇහුවා මොකක්ද කියලා. ‘හදිසි අවස්ථාවක් හැටියට සලකලා ලංකාවට ඩොලර් ටිකක් හොයාගන්න, තෙල් ටිකක් ගේන්න. ඉතින් ඒ නිසා මම කෝල් කළා මොහොමඩ් බින් සල්මාන්ට (MBS) . සවුදි අරාබියේ ප්‍රධානියා. පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කළායි කිව්වා. MBSට කතා කරලා අනේ ලංකාවට පොඩි උදව්වක් කරන්න ඕගොල්ලන්ට පුළුවන්ද කියලා ඇහුවා කිව්වා. MBS කිව්වායි කිව්වා නෂීඩ්ට ‘අඩු ගාණෙ ප්ලෑන් එකක්වත් තියනවාද ඔය මිනිස්සුන්ට ? මට කතා කරන්න එපා’ කිව්වායි කිව්වා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයාට කතා කළායි කිව්වා. එයා කිව්වායි කිව්වා ‘ඔය විකුණන්න මොනවා හරි ඒ රටේ තියෙනවා නම් ලැයිස්තුවක් ගහලා එවන්න, මං හිතලා බලන්නම්’ කිව්වායි කිව්වා. මං මේ කියන්නෙ මාලදිවයිනේ හිටපු ජනාධිපති මට කිව්ව කතාව” යනුවෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...