ඉන්දියානු ණය ආධාර යටතේ සහල් ටොන් 50,000ක් ගෙන්වීමට තීරණයක්

ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය විය.

මෙමගින් ඉදිරියේදි මතුවිය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පාලනය කිරිමටත් අපේක්ෂා කෙරේ.

ඉන්දියානු ණය ආධාර වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා, හිටපු අමාත්‍ය සාගල රත්නායක අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් සහභාගී විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...