Tuesday, July 5, 2022
spot_img
spot_img

Latest Posts

සති දෙකක් රාජ්‍ය සේවකයන් ගෙදර – චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව ලබන සඳුදා සිට සේවයට කැඳවන්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණි.

මීට අදාල චක්‍රලේඛය අද පස්වරුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

රට තුල ඉන්ධන සැපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර වීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.