ඇල්ෆැල්ෆා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට චීනයෙන් යෝජනාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  චීනයේ සමාගමක් විසින් මෙරට ව්‍යාපෘතියක් සඳහා ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත . ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි ඉඩම්වල සත්ත්ව ආහාර වශයෙන් ඇල්ෆැල්ෆා නමැති තෘණ විශේෂය වගා කිරීම සඳහායි .

කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ, ඇල්ෆැල්ෆා යනු ගවයින්ට ලබා දෙන තෘණ විශේෂයක් වන අතර දැනට අප රටේ ඇල්ෆැල්ෆා වගාව නොමැති බවයි. මෙම ව්‍යාපෘතිය යටතේ වගා කරන ඇල්ෆැල්ෆා සකස් කිරීමෙන් අනතුරුව චීනයට අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම තෘණ වගා කරන ගොවීන්ගෙන් ඒවා මිලදී ගැනීමට අදාළ සමාගම කටයුතු කරන අතර, ඇල්ෆැල්ෆා සත්ත්ව ආහාරයක් ලෙස සැකසීම සඳහා කර්මාන්තශාලාවක් හා කාර්යාල පරිශ්‍රයක් ද ඉදි කිරීමට නියමිත බවයි පැවසෙන්නේ .

තවද, චීනයට අවශ්‍ය මිරිස්, මඤ්ඤොක්කා සහ තවත් බෝග කිහිපයක් වගා කිරීම සම්බන්ධයෙන් ද චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරතාවය කිරිගිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 10, කොළඹ LNW: අවුරුදු 19 පහළ මධ්‍යම...

සබීතා පායට රනිල් අත්අඩංගුවට ?

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් කුලී...

තවත් හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ සතියේ අත්අඩංගුවට ?

තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මේ සතියේදී අල්ලස් හෝ දුෂණ...

සංජය ඈපාගේ “ආදර සාදය” අද එළිදකී

සටහන - රුවන් නෙළුගොල්ල හඬ කැවීම් ශිල්පියකු, කවර නිර්මාණ ශිල්පියකු...