ව්‍යාජ මුදල් මුද්‍රණය වැඩිවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තඹුත්තේගම පොලීසිය විසින් රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සන්තකයේ තබාගෙන සිටි 17 හැවිරිදි උඩුනුවර ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් පසුගිය 25 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ ව්‍යාජ නෝට්ටු ළඟ තබා ගෙන සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 08ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 149ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පොලීසිය භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17,49 හා 54 යන වයස්වල පසුවන හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...