*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

චමරිගෙන් එහාට හිතන්න පුළුවන් ඉඩක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලිය හමාර වුණේ ඉන්දියාවට 2- 2 ක් ලෙස ජයග්‍රහණය හිමිවෙමින්.ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි ලැබූ එකම ජයට මඟ කීව චමරි අත්පත්තු එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 48 දි නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තා.පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලැබූ ලකුණු 138 චමරිගේ ඉණිමේ ආශිරිවාදය ඇතිව පන්දු 18 ක් ඉතිරිව තිබියදි පසු කර ගිය ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 3 ක් දැවී ලකුණු 141 ලෙස සටහන් වුණා.චමරි තමන් මුහුණ දුන් පන්දු 48 න් 14 ක් ම හතරේ සීමාවෙන් එපිට රැඳ වූ අතර එක් පන්දුවක් හකරේ සීමාවට ඉහළින් ගොස් හයේ පහරක් බවට පත් වුණා.
චමරි දෙවන තරගයේදීත් හොඳ ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 4 ක් රැස් කරා.එහිදී වඩාත්ම වැදගත් වුණේ චමරිගේ අලුත්ම ආරම්භක පිතිකරණ සහයිකාව 16 හැවිරිදි විශ්මි ගුණරත්න ලබා ගත් ලකුණු 45 යි.ඒ නිසා ආරම්භක කඩුල්ලට ලකුණු ක සබඳතාවයක් එකතු වුණා.ඒ වගේම චමරි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය තරගයේදී ත් චමරිට එවැනිම හොඳ සහයක් ලබා දෙන්නට නිලක්ෂි ද සිල්වා සමත් වෙනවා.ඇය පන්දු 28 දී ලකුණු 30 ක් ලබා ගන්නවා.ඒ චමරි සමඟ තෙවන කඩුල්ලට ලකුණු 77 ක සබඳතාවයක් ද පවත්වා ගනිමින්.
එසේම කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස එක්ව සිටින කවීශා දිල්හාරිත් තරගාවලිය පුරාම යළි යළිත් පැහැදිළි කළේ ඇය ඉතා හොඳ තැනකට වැඩෙමින් තිබෙන බවයි.20/20 ක්‍රීඩාවේ දී වේගවත් වීම යනු ජයග්‍රහණය වෙනුවෙන්ම කළ යුතු දෙයක් මිස දිනන්න පුළුවන්ද බලන්න උත්සාහ කිරීමක් නොවිය යුතුයි.ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන් ඒ තත්ත්වය ඉක්මණින් වටහාගත යුතුව තිබෙනවා.මේ තරගාවලිය පුරාම ඉක්මණින් ලකුණු ලැබිය යුතු නිසා ඔවුන් කඩුල්ල අත හැර දැමූ අවස්ථා දකින්නට තිබුණා.ඒ නිසා විශ්වාසයෙන් සහ වේගයෙන් පහර දීම කෙරෙහි ක්‍රීඩිකාවන්ව මෙහෙයවීම අවශ්‍යය කරනවා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර සහ ඕෂධි රණසිංහ වැඩිම කඩුලු ගණනකට හිමිකම් කීවා.ඉනෝකා කඩුලු 6 ක් ද ඕෂධි කඩුලු 5 ක් ද තරඟ තුන ඇතුළත දවා ගන්නට සමත් වුණා.මේ තත්ත්වයන් ඉතාම වැදගත්.එක්දින තරගාවලියේදී විශ්මි,මාධවී,නිලක්ෂි සහ කවීශා වැඩි වගකීමකින් තමන්ගේ ඉණිම් සැළසුම් කරන්නට අවශ්‍යය වෙනවා.ඒ ඉවසීම සහ සංයමය සමඟ පහර දෙමින් දිගු ඉනිම් ගොඩ නඟන්නට ඔවුන් ගන්නා උත්සාහය අතිශයින් වැදගත්.එක්දින තරගාවලියේදි එම ක්‍රීඩිකාවන් එම කාර්යය නිවැරදිව ඉටු කරන්නේනම් ලොව සිටින ප්‍රහාරාත්මකම පිතිකාරිණියක වන චමරි අතපත්තුට වඩාත් සැහැල්ලුවෙන් තමන්ගේ අනන්‍යතාවය පිත්තෙන් විඳහා පෙන්නා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට පුළුවන් වෙනවා.ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක් වුව ද ශ්‍රී ලංකාව දුර්වල කණ්ඩායමක් නොවන බව පැහැදිළි කිරීමට අවශ්‍යය විශ්වාසය තමන් තුළම තහවුරු කර ගන්නේනම් ජයග්‍රාහී වෙනසක් අපේක්ෂා කළ හැකියි.
ඉන්දියාවට එරෙහිව 20/20 තරගාවලිය පරාජය වුණත් චමරි මතම කැරකෙන ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විශ්වාස කළ හැකි මට්ටමේ පිතිකාරිනියන් කිහිප දෙනෙක්ගේ සෙවනැල්ල වැටීම වැදගත්.ඒ නිසා ඉදිරියේදි චමරිට වගකීමේ බර අඩු කරගෙන පහර දෙන්න වගේම චමරි හැරෙන්නට කෙනෙක් නැත යන කණ්ඩායම තුළම කිදා බැස තිබෙන සිතුවිල්ලෙන් නිදහස්ව ක්‍රීඩා කරන්නට ඉඩ විවෘතව තිබෙනවා.ඒ ඉඩ සම්බන්ධයෙන් ඇති වූ හැඟීම ප්‍රායෝගික යථාර්තයක් කරන්නට ඇරඹෙන එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එය ලෝකයටම අභියෝගයක් කළ හැකි මට්ටමේ කණ්ඩායමක නැගිටීමක් වෙනු ඇති.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති සුබ ලකුණු පහළ වූ තරගාවලියේ අවසාන තරගයේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කැඳ වූ චමරි එම තරගයේ වීරවරිය වෙද්දී ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝර් තරගාවලියේ වීරවරිය බවට පත් වුණා.චමරි තරගාවලියේ වැඩිම ලකුණුලාභීණිය වෙමින් ඉණිම තුනකදි ලකුණු 139 ක් ලබා ගත්තා.චමරිට පමණක් දෙවැනි වූ කෝර් ලකුණු 92 ක් එක් කර ගෙන තිබුණු අතර පන්දු යැවීමේදි මනා පාලනයකින් පන්දු යවමින් පන්දු ඕවර් 7 ක් තුළ ලකුණු 42 ට එක් කඩුල්ලක් එකතු කරගෙන සිටියා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan