*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

නේටෝ ප්‍රකාශයන්ට චීනයේ විරෝධය!

කොළඹ LNW:නේටෝ සංවිධානය තම රටේ අවශ්‍යතා සහ ආරක්ෂාව බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බව චීනය පවසනවා.

නේටෝ සංවිධානයේ මහලේකම් Jens Stoltenberg චීනයට අදාළව කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (2) පැවති ‍ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවා.

චීනයේ ක්‍රියාකාරකම් නේටෝ සංවිධානයේ ආරක්ෂාවට අභියෝගයක් වී ඇතැයි නේටෝව විශ්වාස කරන බව එම සංවිධානයේ මහලේකම්වරයා පසුගියදා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවුණා.

රුසියාව මිසයිල සහ ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීම සඳහා චීනයෙන් දියුණු තාක්‍ෂණය ආනයනය කරන බවත්, චීනය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ගැටුමට ඉන්ධන සපයන බවට චීනයට චෝදනා එල්ලවෙනවා.

මේ සදහා ප්‍රතිචාර දක්වමින් චීනය පවසන්නේ චීනයට අභියෝග කරමින්, එහි දේශීය හා විදේශීය ප්‍රතිපත්ති විකෘති කරමින් චෝදනා කිරීමට කිවිටෙටකත් ඉඩනොදෙන බවයි.

දිනූෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan