සෙලෙන්ස්කිට තකට තක රුසියානු පාර්ලිමේන්තුවත් බබා උක්කුං වෙයි!

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සභාවේ කතානායකවරයා යුක්රේනය යනු ‘ත්‍රස්තවාදී’ රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රුසියානු රාජ්‍ය මාධ්‍යයක් වන ඩුමා වෙබ් අඩවියට අනුව, රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ව්‍යාචෙස්ලව් වොලොදින් අද (05) දින පැවති පූර්ණ සැසිවාරයේදී මන්ත්‍රීවරුන් අමතා ප්‍රකාශ කර තිබෙන්නේ යුක්රේනය යනු ත්‍රස්තවාදී රාජ්‍යයක් බවයි.

එමෙන්ම, එම ත්‍රස්තවාදී රාජ්‍යයේ ත්‍රස්තවාදී ආණ්ඩුවේ ප්‍රධානියා යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි බව ද ඔහු පවසනවා.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වී මාස හතර හමාරක් පමණ ගතවී ඇති මේ මොහොතේ දෙපාර්ශවය අතර සාම සාකච්ඡාවක් ඇතිවී හෝ යුද්ධයේ අවසානයක් ඇති බවක් තවමත් දක්නට නැහැ. ඒ වෙනුවට තම රාජ්‍යය උසස් බව ලොව ඉදිරියේ ප්‍රකාශ තබමින් අසරණ මිනිසුන් විනාශ මුඛයට ඇද දැමීමේ බිහිසුණු ක්‍රියාන්විතයක නම් දෙරටම නිරත වී ඇති බවක් තමයි දක්නට ලැබෙන්නේ.

මෙම යුක්රේන – රුසියානු යුද්ධය නිසා දෙරට අතර පමණක් නොව ගෝලීය වශයෙන් ද අර්බුද රැසක් මතුව තිබෙනවා. එසේ තිබිය දී අවධාන වෛශ්‍යාවන් මෙන් මෙවන් නන් දොඩවමින් දෙරට අතර යුධ උමතුවක් පවත්වාගෙන යාම සැබවින්ම ඛේදවාචකයක්!

ඡායාරූප: ඒපී

ප්‍රමෝද් චින්තක පීරිස් – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...