*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අපූරු ජයග්‍රණයක් ඇක්ටිව් කරන පාස්වර්ඩ් එක “මැකලම්”

අපි “නවසීලන්තය හෝදා දැමූ නවසීලන්ත ක්‍රීඩකයෝ”යනුවෙන් ලීවෙමු. ඒ දින කිහිපයකට ඉහතදීය. එහිදී අප අවධානයට ලක් කළේ එංගලන්ත නව නායක බෙන් ස්ටොක් ගැන සහ එංගලන්ත නව පුහුණුකරු හිටපු නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් ගැනය.

එහිදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3- 0 ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීම මෙන්ම එංගලන්තයේ අලුත් ප්‍රහාරක වේගය අපි අවධානයට ලක් කළෙමු. ඒ වෙනස් මුහුණුවර ඇති කිරීම සඳහා වඩාත්ම වගකිව යුත්තේ නායකයාටත් වඩා පුහුණුකරුය. මන්ද එංගලන්තයේ නව මුහුණුවරේ තියෙන එක්දින තරගයක හැඩය ගන්නා ලකුණද නොසැලී කුමන තත්ත්වයක් යටතේ වුව ද,ජයග්‍රහණය කළ හැකි බවට ඇති කරගත් විශ්වාසයද,එමෙන්ම හඹායාම යන්න කිසිඳු සසැලීමකින් තොරව කිරීමට හැකි සරල දෙයක්ය යන විශ්වාසයද එංගලන්තය වෙතින් මතු කරන මැකලම් සළකුණු ය.

නවසීලන්ත තරගාවලියේ දී එංගලන්තය තරග දෙකකදීම හිටියේ නවසීලන්තයට පිටුපසින් ය. එසේ සිට ජයගත් එංගලන්තය හඹායාමේ සුවිශේෂී හැකියාව ප්‍රකට කළද,ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ඇරඹුණේම සියල්ල කණපිට හැරුණේද යන සැකය මතු කරමින්ය.

එහිදී එංගලන්තයට එරෙහිව ඉන්දීය පළමු ඉණිම ලකුණු 416 ක් විය.රිෂාබ් පාන්ට් (146) සහ රවීන්ද්‍ර ජඩේජා (106) මෙන්ම නව ඉන්දීය නායක ජස්ප්‍රින්ට් බුම්රා ප්‍රමුඛ වී තැබූ ප්‍රහාරාත්මක වාර්තාවක් ද විය. ස්ටුවර්ට් ⁣⁣⁣බ්‍රෝඩ්ගෙන් ටෙස්ට් තරගයක පන්දු ඕවරයක දී වැඩිම ලකුණු (35) ප්‍රමාණය උඳුරාගත් බුම්රාගේ ඕවරයද සමඟ ඉන්දීය ඉණිමේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 4.90 ක් විය.

බුම්රා ප්‍රමුඛ පන්දු යවන්නෝ එංගලන්තයේ චණ්ඩි ස්වරූපය මැඩ පැවත්වීමට පන්දුවෙන් ගත් උත්සහය එක අතකින් සාර්ථක වූහ.එංගලන්තය ලකුණු 284 ට දැවී ගියේය. නමුත් මැකලම්ගේ ප්‍රහාර වේගයේ මුහුණුවර එසේම විය.ඕවරයකට ලකුණු වේගය 4.61 ක් විය.

එංගලන්තය ඉන්දීය දෙවන ඉණිමේදී නැවත තරගයට පිවිස,ඉන්දියාව පළමු ඉණිමේ ලැබූ ලකුණු 132 ක වාසිය වර්ධනය කර ගැනීම අවම කරගත යුතු විය.මුලින් කඩුල්ලක් දෙකක් වැටුණු විට ප්‍රහාරය නොනවත්වා පවත්වා ගනිමින් ක්‍රියාත්මක වෙමින් පීඩනය එල්ල වෙන දෙසට නැවත හැරවීමේ ගුණයක් ඉන්දියාව නොදත්තේය.ඒ වෙනුවට ඔව්හු රැකවල් දැඩි කර ගැනීමට උත්සාහ කළහ.එය සාර්ථක නොවුණු අතර ඉන්දීය දෙවන ඉණිම 245 ක් විය.නමුත් පළමු ඉණිමේ 284 ට දැවුණු එංගලන්තයට 377 ක් යනු පෙණුමට අභියෝගයක් විය.විශේෂයෙන්ම තරගයේ පළමු ඉණිමේ තමන්ව 284 ට දවා ලූ කණ්ඩායමකට එරෙහිව සිව්වන ඉණිමේ 377 ක් යන්න දුශ්කරම දුශ්කර කාර්යයකි.

එහෙත් මැකලම් ලකුණ යළි දීප්තිමත්ව විහිදිණි.එංගලන්තය පන්දු ඕවරයකට ලකුණු 4.93 ක වේගයකින් තරගයේ 77 වන ඕවරයේදී එංගලන්ත ලකුණු පූවරුව 378 ක් බවට පත් කළේය.දැවී ගොස් තිබුණේ කඩුලු තුනකි.ජෝ රූට් නොදැවී 142 ක් ලැබුවේය.ජොනී බේස්ට්රෝ ගේ දායකත්වය නොදැවී 114 ක් විය.

මෙය ටෙස්ට් ක්‍රිකට් මුහුණුවර වෙනස් වර්ණයකට බඳුන් කිරීමකි.ඒ පාටට කියන නම “මැකලම්” ය.එංගලන්තයේ රූට්ලා,ජොනීලා,ස්ටොක් ලා,මීට පෙරත් එම කණ්ඩායමෙි සිටි අයය.එසේ සිටියදී මැකලම් එන විට එංගලන්තය සිටියේ පහළටම ඇඳ වැටීය.දැන් වෙනස්වීම,ජයග්‍රහණය පමණක් නොව ජයග්‍රහණයට අදාළ ප්‍රහාරාත්මක ස්වභාවයේද ඇත්තේ අපූර්වත්වයකි.ඒ ජයග්‍රහණයේ අපූර්වත්වයේ මැවුම්කරුවා අවිවාදයෙන්ම මැකලමි ය.ටෙස්ට් ජයග්‍රහණවල මෙතෙක් සටහන්ව තිබූ බොහෝ අපූර්වත්වයන් හෙට මැකලමි න්‍යායෙන් මැකී එංගලන්තය නමට හිමිවන්නට හිමි වන්නට ඉඩ ඇත.එහිදී ඉතිහාසයේ නොලියවෙන අපූරු ප්‍රහාරයන් වැඩුණු, ඉපදුණු කළලය මැකලම් ලෙස සැඟවී තිබෙනු ඇත.

RM

සබැදි පුව​ත්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan