*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ලංකාව රගර් ගහන්න හදන්නෙ මැකලම් තියරියට ද?

වෙනස් වීම පමණක් වෙනස් නොවී සිඳුවන එකම දෙය කාලයෙන් කාලයට යම් විලාසිතා එන ආකාරයටම යම් යම් කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේද ද වෙනස් වේ.ඒ සියල්ල වෙනස් වන්නේ තිබෙන තත්ත්වයන්ට වඩා හොඳ දෙයක් අපේක්ෂාවෙන්ය.
“අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නො’නඟී”
කුමාරතුංග මුණිදාස සූරීන්ගේ මේ අදහස ද ඊට උදාහරණ සපයයි.මේ දිනවල ක්‍රීඩා කේෂ්ත්‍රය ගත් ලංකාවේ ක්‍රීඩා ප්‍රේමීන්ට ලෝකයේ වැඩිම අවධානය ‍ගෙන එන ක්‍රීඩා පුවත යුපුන් අබේකෝන්ගේ සාර්ථකත්වය ය.ඊ ළඟට ක්‍රිකට් ප්‍රේමී අප පැවත්වෙන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියට තරමට මේ දිනවල එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පාන හාස්කම් බඳු හඹා ගොස් දිනීම් දෙසද උනන්දුවෙන් බලා සිටියි.
එය බ්‍රෙන්ඩන් මැකලම් නම් අපූරු පුහුණුකරුවාගේ වික්‍රමාන්විත වෙනස් කිරීමකි.එය ගැන ලෝකයම කතා කරන අතරේ “ද ගාර්ඩියන්” පුවත්පත පවසන්නේ මැකලම් සමඟ එංගලන්ත ක්‍රීඩකයෝ කරන ලද ක්‍රිකට්මය නොවන භාවිතාවන් කිහිපයක් ගැනය.ඔවුන් ගොල්ෆ් ක්‍රීඩාවට සහ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් ලෙස හැඳින්විය හැකි Adventure Sports සම්බන්ධ ක්‍රියාකාරකම් වල නිරත වි ඇති බවක් ද පෙන්වා දෙයි.
එංගලන්ත කණ්ඩායම එසේ කර ඇති බව දුටු විට එංගලන්තයේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ දිනවල පවත්වාගෙන යන වික්‍රමාන්විත ක්‍රීඩා ක්‍රියාකාරකම් ගැන සිතුවිල්ල උපදින්නේ මැකලම් හරහා ද යන්න දැන ගැනීමේ කුකුසක් අප තුළ ඇති විය.
“ශ්‍රී ලංකාවෙ හිටපු පුහුණුකරු බෙන් ගෝලින්ග්ස්.එය තමයි පීජිවලට පහුගිය කාලේ ජාත්‍යන්තර මට්ටමේ සූරතා අරං දෙන්න මුල් වෙච්චි පුහුණුකරු.ඔහු අදටත් ශ්‍රි ලංකාවට ආදරෙන් උපදෙස් දෙනවා.ඔහු තමයි මේ Adventure Sports වැදගත් බව කිව්වෙ.”
ශ්‍රී ලංකා රගර් සම්බන්ධ ප්‍රකාශකයෙක් ඒ බව කී විට මෙය මැකලම්මයම නොවන පුහුණු ක්‍රමවේදයක් බව හිතා ගන්නට අපහසු නැත.එංගලන්තය වැටී සිටින මොහොතක නැඟී සිටින්නට යොදා ගත් පුහුණු ක්‍රමවේදයක් ලෙස මැකලම් Adventure Sports වෙත අවධානය යොමු කිරීම හැඳින්විය හැකිය.එසේම දිගු ප්‍රහාර සඳහා ශක්තිය ඇති කිරීමටත්,ඉලක්කගතව ප්‍රහාරය එල්ල කිරීමටත් බොහෝ විට ගොල්ෆ් ක්‍රීඩාවද බලපාන්න ඇත.
ත්‍රාසජනක ක්‍රීඩා,වික්‍රමාන්විත ක්‍රීඩා සේ වෙනස් නම්වලින් සිංහලට අරුත් ගන්වන Adventure Sports හරහා ප්‍රවර්ධනය කරන ගුණාංග අතරින් ආත්මාභිමානය වර්ධනය කිරිම විශේෂ කොට දැක් විය හැකිය.ඒ හරහා මොළය හා සිරුර සම්බන්ධ ක්‍රියාකාරකම්හි සම්බන්ධය පොහොසත් කරයි. සිතීම සහ ක්‍රියාව අතර නිවැරදි බව සහ වේගවත් බව පොහොසත් කරයි.විශේෂයෙන් ඉන්ද්‍රීය සම්බන්ධතාවල ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන අතර අත සහ ඇස අතර ඇති ගණුදෙනුව වඩාත් යහපත් කරයි.
පුද්ගල අභිමානය පුළුල් කිරීමට එකිනෙකාට දෙන රුකුල මෙන්ම අනොන්‍ය වශයෙන් එකිනෙකා අතර ඇති කරන සම්බන්ධයන්හී පුළුල් බව ද මෙහිදී වැදගත්ය.කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මකවීමේදී සමූහ සම්බන්ධයන් පෝෂණය කරන අතර එකිනෙකා කෙරෙහි ඇති කරන විශ්වාසය,අවබෝධය කණ්ඩායමක් ලෙස එක් රිද්මයකට පැමිණීම මෙන්ම ප්‍රතිවාදියාට මුහුණ දීමට,තේරුම් ගැනීමට සහ දරා ගැනීමටත් වැදගත් වේ.
මේ සියල්ල එංගලන්තය නවසීලන්තයට එරෙහිව මෙන්ම ඉන්දියාවට එරෙහි තරගයේදී පැහැදිළි කර ඇත.පූර්ව සූදානම සඳහා ක්‍රිකට්මය නොවන ප්‍රවේශයකින් ඔවුන් ශක්තිමත් කර ඇත්තේ ක්‍රිකට් ය.ඒ මාර්ගයට පිවිස සිටින ශ්‍රී ලංකා රගර් තවත් සමූහ ක්‍රීඩාවලට ආදේශනය කරන්නට හැකිය.දැනට එය නොදුටුවා සේ සිටිය ද,ශ්‍රී ලංකා රගර් ඉදිරියේදී ලෝකය ඉදිරියේ පෙන්නන හපන්කම් එක්ක අනෙකුත් ක්‍රීඩාවන්ට මෙය විලාසිතාවක් වන්නට ද ඉඩ ඇත.එය රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන හැකියාවන්ට සාපේක්ෂව සිඳුවනු ඇත.හරියටම අවබෝධයට ගෙන ක්‍රියාත්මක කළ හැකිනම් සහ එය කැපවීමෙන් දීම සහ එම කැපවීමෙන්ම දෙන දේ ග්‍රහණය කර ගැනීමෙන් ක්‍රීඩාවට යහපතක්ම සිඳුවනු ඇත.වැඩේ අමුතු වුණාම සමහර විට එය ලෙඩක් සේ සිතන පිරිසට අමුතු නොවි දිනන්නට බැරි බව පෙන්නන පැවරෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටය.
මේ අමුතු වැඩේ ත්‍රාසජනක ක්‍රියාකාරකම් නොවන එහෙත් ත්‍රාසය නැඟෙන්නට බෙදී හිටිය බිමක කරපු දේශපාලන අවස්ථාවක්ද අපි ලෝකයේ දැක ඇත්තෙමු.ඒ රගර් ලෝක කුසලානය 1995 දී දකුණු අප්‍රිකාව දිනා ගැනීම පිටුපස තිබුණු මානව ප්‍රේමය පිළිබඳ කතාවය.මැන්ඩෙලා හිරෙන් එළියට පැමිණියද,ජනාධිපති වුව ද,කළු සුදු වූ බේදය නික්ම නොගිය මිටකට හැම හදවතකටම හමේ පාට දෙවැනි කොට අපේ රට යන හැඟීමෙන් සන්නද්ධ වෙන්න ජනතාව මෙහෙයවපු දේශපාලන ව්‍යාපෘතිය දකුණු අප්‍රිකාවට ලෝක කුසලානය දිනා ගැනීමෙන් අවසන් විය.ආකල්පමය වශයෙන් ඒ සිඳුවීම තුළ තමන් කණ්ඩායමක් හැටියට වැඩ කරන්නට පොළඹවන චින්තන විප්ලවය නිර්මාණය කරන අකාරයද ත්‍රාසජනක ක්‍රීඩාවක්ම බඳුය.සමහර විට ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට Invictus නම් සිනමා නිර්මාණයද ක්‍රීඩා පුහුණුවෙන් ඉසිඹුලන විරාමයක පෙන්විය හැකිනම්,ඒ ගැන සංවාදයකට අවස්ථාව සැළසිය හැකිනම් මේ මොහොතේ සිඳු කරන Adventure Sports ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වඩාත් ධනාත්මක කියවීමකට එළැඹෙනු ඇත.අමුතු වීම මුතු වැනි ජයග්‍රහණවලට පාර කියන බව වෙනත් මාධ්‍යක් හරහා කියවා ගනු ඇත.කරන දේ කරන්නේ ඇයි යන්නද?එය තමන්ගේ අභිවෘද්ධියට කණ්ඩායමට වැදගත් වන්නේ කෙසේද යන්න ද වෙනස් විදිහට කියවා ගනු ඇත.

කෙසේ හෝ ශ්‍රී ලංකා රගර් මාවත විවර කර දී ඇත්තේ ක්‍රිකට්මය වශයෙන් මේ වන විට විස්මය දනවන ජයග්‍රහණ ගෙන එන මැකලම්ගේ එංගලන්ත පුහුණුව ආකාරයෙන් පෙරට යන්නටය.ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සිටි දැවන්ත දැණුමකට හිමිකම් කියූවෙක් වූ යෝගානන්ද විජේසුන්දරයන්ද “අපේ මිනිස්සුන්ට මහන්සි වුණොත් පුළුවන් අඩු බර පංතිවල බොක්සිං සහ සෙවන් සයිඩ් රගර් දිනන්න” යනුවෙන් පැවසීය.සමහර විට මේ ඒ මහන්සිය ද වෙන්නට හැකිය.
අපි බලා සිටිමු!
කුමාරතුංග මුණිදාස සූරීන් කියා ඇත්තේ “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නො’නඟී” යනුවෙන් බව යළි යළිත් මතකයේ තබා ගනිමු!ලංකාවේ ක්‍රීඩාව ඉස්සරහට තල්ලු කරන්නට අලුත් වෙනස් කියවිමක් ඕනෑ බව සහතිකය.රගර් ඊට තැබූ උත්සාහය සමහර විට නිශ්පල විය හැකිය.සමහර විට ප්‍රතිපලය අල්පමය විය හැකිය.එහෙත් එය දැවන්ත පිම්මකි.අගය කළ යුතු පියවරකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan