තවදුරටත් උද්ධච්චකමට ඉඩ දෙන්න බැහැ – ආණ්ඩුව එළවන සටනට GMOA සැරසෙයි (VIDEO)

Date:

වත්මන් පාලකයන් තවදුරටත් උද්ධච්ච මානසිකත්වයෙන් බහුතර ජනතාවගේ මතයට ගරු නොකර කටයුතු කරන්නේ නම් එය පරාජය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමට නොපැකිලෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළේය.

ඒ අනුව ඉදිරි සතියේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළම නිලධාරීන් කැඳවා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අලුත්ගේ මහතා කියා සිටියේ.

”වත්මන් පාලනය තවදුරටත් උද්ධච්ච මානසිකත්වයෙන්,තවදුරටත් අත්තනෝමතිකව,තවදුරටත් ලැජ්ජා බය නැතුව ඉස්සරහට යන්න උත්සහ කරමින් ඉන්නවා නම් ඒකට නිසි පිළිතුරු ජනතාවගේ පැත්තෙන් ලැබිය යුතුයි කියල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ මොහොතේ පවතින මතවාදය තමයි කෙටි කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ නව පාලන තන්ත්‍රයකට ගමන් කිරීම සඳහා ඉඩකඩ විවිර වෙන්න ඕනේ කියන කාරණය. මේ පාලනයේ වගකීම තමයි ඒ බහුතර හඬට ඇහුම්කන් දීම. ඒ සඳහා ගරු කිරීම. එතනින් එහාට ගිහින් ඒ සඳහා ඉඩකඩ විවිර කර දීම. නැතුව රටට ඉදිරි ගමනක් නැහැ.”

මේ අතර රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (සිකුරාදා) දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට නියමිතව තිබුණද හදිසියේම ඊයේ දින බලධාරීන් විසින් එය පැය 48කට කල් දැමීමට හේතු නිශ්චිත ලෙස පැහැදිලි කළ යුතුව ඇති බව අලුත්ගේ මහතා කියා සිටින ලදී.

සෞඛ්‍ය වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීම හදිසියේ අත්හිටුවීමට නිශ්චිතව කරුණු දක්වා නැති තත්ත්වයක සිතා ගැනීමට ඇත්තේ හෙට දවසේ ක්‍රියාත්මක අරගලය හේතුවෙන් එය කඩාකප්පල් කිරීමේ යටි අරමුණක්ද මෙහි පැවතිය හැකි බව යැයි ද ඔහු කියා සිටියේය.

එළඹෙන සඳුදා,අඟහරුවාදා දිනය වන විට මෙම ඉන්ධන අර්බුදය විසඳුවේ නැත්නම් රෝහල් පද්ධතිය ස්වයංක්‍රියව වැසී යාම වැලැක්විය නොහැකි බවයි අලුත්ගේ මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...