තේ අපනයනයෙන් වාර්තාගත ආදායම් අපේක්ෂාවක්!

Date:

කොළඹ LNW:මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය පවසයි.

පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබුණි.

2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කිරීම නිසා 2022, 2023 වර්ෂවල දී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වීම හේතුවෙන් තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩුවීමක් සිදු වුණි.

එහෙත් මෙම වර්ෂයේ සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ සඳහා පොහොර සහන මිලකට ලබා දීමට කටයුතු කරනු ලැබු අතර වෙළෙඳපළේ රුපියල් 14,000ක් පමණ වන තේ පොහොර වර්ග තුනක් කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5500 සිට රුපියල් 7500 දක්වා මිලකට ලබා දීමට පියවර ගැනුණි.

මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කරන ලදී.

ඒ අනුව මේ වනවිට අදියර තුනක් යටතේ තේ වගාව සඳහා පොහොර යෙදීම ආරම්භ කර තිබෙන අතර පළමු අදියර යටතේ තේ පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් බෙදා දීමට නියමිත අතර මේ වනවිටත් ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් බෙදාහැර අවසන් බව සඳහන්.

තේ වගාව සඳහා පොහොර යෙදීම මෙන්ම පුරප්පාඩු ස්ථානවල පැළ රෝපණය මගින් ඉදිරි වර්ෂය තුළ තේ වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි තේ පර්යේෂණ ආයතන පුරෝකථනය කර ඇත.

දැනට රටවල් 150කට ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරනු ලබන අතර ඉන් රටවල් 20ක් ම මහා පරිමාණයෙන් මෙරට තේ මිල දී ගැනීම සිදුවෙයි.

තේ වගාවේ දියුණුව උදෙසා මේ වන විට තළවකැළේ තේ පර්යේෂණ ආයතනය විසින් නව තේ ප්‍රභේද 70ක් හඳුන්වා දී තිබෙන අතර මෙම තේ ප්‍රභේද අන්තර්ජාතිකව ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේද බව ද තේ පර්යේෂණායතනය පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...