වැඩි කළ වැටුප වතු කම්කරුවන්ට නොගෙවන වතු හාම්පුතුන්ට එරෙහිව කැබිනට් තීරණයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය විසින් වැඩිකරන ලද වැටුප වතු කම්කරුවන්ට නොගෙවන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

“අද (09) දවසේදී කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා ජනාධිපතිතුමා, වතු කම්කරුවන් සඳහා සුදුසු වැටුප ගෙවීමට අපොහොසත් වන වතු හාම්පුතුන්ගේ බදු ගිවිසුම් දීර්ඝ නොකිරීමට. දැනට ජනාවාස බවට පත්වෙලා තියෙන වතුවල ප්‍රදේශ, අද දවසේදී තින්දු කළා ඒ ප්‍රදේශ ගම්මාන හැටියට ගැසට් කරන්න. ඒ ප්‍රදේශ ගම්මාන හැටියට ගැසට් කළායින් පස්සේ ඒ ප්‍රදේශවලට රජයේ ප්‍රතිලාභ සෘජුවම ලබාදෙන්න පුළුවන්කම හම්බවෙනවා, ආයෙත් වතු සමාගම්වල අවසරයන් ලබාගන්න ඕනෙ නෑ”

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව පැවසුවේ වතු සේවක නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (09) කොළඹදී පැවති සාකච්ඡාවකදී ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩිකරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ පසුගිය අප්‍රේල් 30 වනදා ය. ඊට එරෙහිව වතු සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට ගොස් තිබුණු අතර එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පසුගිය ජුනි 28 වනදා නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...