ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට තවත් ලිපියක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් බැගින් පිරවීමේ දීර්ඝ කාලීන ප්‍රමාදය පිළිබඳවයි එහිදී අවධානය යොමුකර ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු වලින් පළමුවැන්න 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර විනිසුරුවරයා විශ්‍රාම යාමෙන් පසුව ඇති වූ බවත්
ඉන් අනතුරුව ජනාධිපති නීතීඥ එස්. තුරෙයිරාජා, කුමුදිනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාම හේතුවෙන් එම අධිකරණයේ වර්තමාන පුරප්පාඩු හතරක් ඇති වී තිබෙන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙයි.

ඊට අමතරව, අභියාචනාධිකරණයේද පුරප්පාඩු හතරක් පවතින බව එහි දක්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම නිසැකවම අගය කරන බව නීතිඥ සංගමය සිය ලිපියෙන් දන්වා ඇත.

ඒ අනුව මෙම පුරප්පාඩු දිගු කාලයක් තිස්සේ පැවතීම එම වැදගත් ව්‍යවස්ථාමය කාර්යය ඵලදායී ලෙස ඉටු කිරීමට පටහැනි බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය මැයි 25 වැනිදා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් දීර්ඝ කිරීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට වාර්තා පළ වී ඇති යෝජනාව සම්බන්ධයෙන්ද ජනධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණු අතර එම ලිපියට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, තම සංගමය මතු කරන ලද ගැටළු පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වනු ලෙසත් මෙම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...