උතුරු කොරියානු අගමැති චීනයේ නිල සංචාරයක!

කොළඹ LNW:උතුරු කොරියානු අගමැති Pak Thae-song මහතා සිය චීන නිල සංචාරය ආරම්භ කරමින් අද (10) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් ‍චීනයේ බෙයිජිං අගනුවර වෙත පැමිණියා.

උතුරු කොරියා අගමැති Pak Thae-song මහතා සමග එරට ආණ්ඩු පක්ෂයේ හා රජයේ නියෝජිත පිරිසක් මෙම තෙදින චීන සංචාරයට එක්ව සිටිනවා.

“චීන-උතුරු කොරියා මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ ගිවිසුම” අත්සන් කිරීමේ 65 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගි වීම, Pak Thae-song මහතා ප්‍රමුඛ උතුරු කොරියානු නියෝජිත පිරිසගේ මෙම චීන සංචාරයේ ප්‍රධාන අරමුණයි.

උතුරු කොරියානු අගමැතිවරයාගේ මෙවර චීන සංචාරය හරහා ද්විපාර්ශ්වික මිත්‍ර සහයෝගීතා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව චීන විදේශ අමාත්‍යාංශය මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...