ඩෙංගු මරණ 48ක් දක්වා ඉහළට – රෝගීන් 70,000 ආසන්නයට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 69,951ක් වන අතර මරණ 48ක් සිදුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය 12 වැනි දින වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් වන අතර ඒ අනුව ඊයේ (13) දිනට පමණක් රෝගීන් 1,279ක් වාර්තා වී තිබේ.

ඒ අනුව තවදුරටත් ඩෙංගු රෝගය ව්‍යාප්තියේ අඩුවක් දක්නට නොලැබෙන හෙයින් මෙම රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම වෙනුවෙන් තවදුරටත් ඩෙංගු මර්දන මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

සෞඛ්‍ය, ආරක්ෂක සේවා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීයව ඩෙංගු මර්දන මෙහෙයුම්වල නිරතව සිටියද තවදුරටත් මහජනතාවගේ පාර්ශවයෙන් වගකීම් සහගටැහැ බවක් පෙනෙන්නට නොමැති වීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙස වාර්තා වෙයි.

එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,464ක් ලෙසද දැක්වේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004ක්ද වාර්තා වී තිබේ.

මේ අතර ජූලි මාසයේ ගතවූ දින 13 තුළ රෝගීන් 14,572ක් වාර්තා වී ඇති අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක් ලෙස දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...