”සිසු ඝාතන වහා නවතනු” – බංගලාදේශයේ ශිෂ්‍ය ඝාතන හෙළා දකිමින් කොළඹදී විරෝධතාවක්!

Date:

කොළඹ LNW: සිසු ඝාතන වහා නවතන ලෙස බලකරමින් අද (22) කොළඹ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඒකාබද්ධ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ ලේ පිපාසිත වියරුවට අවසානයක ගෙන එන ලෙසයි එහිදී බලකෙරුණේ.

අරගලයේ නිරත බංගලාදේශ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු ප්‍රජාවට සහය පළකරමින් පැවති එම විරෝධතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන විශාල පිරිසක් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණි.

විරෝධතාවෙන් අනතුරුව ඊට එක්කරගෙන තිබුණු විරෝධතා පුවරු මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට තාප්පයේ ප්‍රදර්ශනය කිරීමට උද්ඝෝෂකයින් සූදානම් වුවද ඊට පොලීසියේ බාධා කිරීම හේතුවෙන් ඒවා පොලිස් නිලධාරීන් සිටි ස්ථානයේ බිම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදී.

විරෝධතාව හේතුවෙන් බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විශාල ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/679/Stop%20the%20brutal%20killings%20of%20students%20in%20Bangladesh

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...