දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දින ක්‍රියාකාරකම් සඳහා සහභාගී වේ

Date:

2022 ජුලි 18 වැනි දින ඇටරිජ්විල් හි ලරටොන්ග් ගිලන් ශාලාවේ දී දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ප්‍රජා සේවා ක්‍රියාකාරකම් සඳහා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සක්‍රීයව සහභාගී විය.

මහ කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමා තවත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී බරපතල රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්18 දෙනෙකුට සත්කාර සපයන කාර්ය මණ්ඩලය වෙත ස්වේච්ඡාවෙන් සිය සේවය ලබා දුන්නේ ය. මීට අමතරව, රෝගීන් සඳහා අවශ්‍ය වන සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් සහ ලංකා තේ තොගයක් එතුමා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

ගැටුම් නිරාකරණය, ජනවාර්ගික සම්බන්ධතා,මානව හිමිකම් ප්‍රවර්ධනය සහ සුරක්ෂිත කිරීම,ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, ළමුන්ගේ සහ අවදානමට ලක් වන අනෙකුත් පුද්ගල කණ්ඩායම්වල අයිතිවාසිකම්,දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීම සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම යනාදී වශයෙන් මානව වර්ගයාගේ සුබසෙත සඳහා හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති මැන්ඩෙලා මැතිතුමා සිදු කළ කැපවීම අගය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (එක්සත් ජාතීන්ගේ යෝජනාව A/RES/64/13) විසින් 2009 වර්ෂයේ දී නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය ස්ථාපිත කරන ලදි. එය වාර්ෂිකව මැන්ඩෙලා මැතිතුමාගේ උපන් දිනය වන ජූලි 18වැනි දින සමරනු ලැබේ.

පෙර වර්ෂවලදී මෙන්ම, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා දෙපාර්තමේන්තුව (DIRCO, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සමාන) 2022 නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දින ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන් අතර, තම කාලයෙන් අවම වශයෙන් මිනිත්තු 67ක් ගෙන, තෝරාගත් පුණ්‍යායතනයකට සහය ලබා දෙමින් හෝ තම ප්‍රදේශයේ ප්‍රජාව සඳහා සේවය සලසමින් මෙම කර්තව්‍යට සහයෝගය දක්වන ලෙස ජනතාව දිරිමත් කළේය. හිටපු ජනාධිපතිවරයා මානව හිමිකම් වෙනුවෙන් සහ වර්ණභේදවාදය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ වසර ගණන මෙම මිනිත්තු 67 මගින් සංකේතාත්මකව නිරූපණය වේ.

2022 නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනයේ තේමාව වූයේ නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ වදන් පෙළකි: “Do what you can, with what you have, where you are”.‍


ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
ප්‍රිටෝරියා
2022 ජූලි 22 වැනි දින

මාධ්‍ය නිවේදනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...