වී මිල ජාතික වශයෙන් ස්ථාවර කරනවා – ඇමති ලාල්කාන්ත කියයි

කොළඹ LNW:වී මිල ජාතික වශයෙන් ස්ථාවර කිරීමේ තීරණයකට රජය ඉදිරියේදී එළඹෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය මේ වන විටත් වී මෙට්‍රික් ටොන් 5390ක් මිලදී ගෙන අවසන් අතර වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් සක්‍රිය කරමින් තවත් ස්ථාන කිහිපයකදී වී මිලදී ගැනීම සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දිවයින පුරා ගබඩා 146 කදී වී මිලදී ගැනීමේ කටයුතු රජය සැලසුම් කර තිබේ. නාඩු වි කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 140 කටත් යන සහතික මිලකටයි වී මිලදී ගැනීම සිදු කෙරෙන අතර අදාළ මිල ගණන් යටතේ වී අලෙවි මණ්ඩලය මෙන්ම පෞද්ගලික අංශය ද වී මිලදී ගැනීම සිදු කරනු ලබයි.

අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලන ප්‍රදේශ අනුව ගබඩා 15 ක් විවෘත කර තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 3148ක් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගෙන අවසන්.

කන්තලේ ප්‍රදේශයේ ද වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබේ.

කන්තලේ ව්‍යාපාරයේ යල කන්නය යටතේ අක්කර 25,000 කට වැඩි භූමි ප්‍රමාණයක් වගා කර තිබෙන බව සඳහන්.

සමස්තයක් ලෙස මේ වන විට වී අලෙවි මණ්ඩලය සෑම ප්‍රදේශයකින්ම වී මෙට්‍රික් ටොන් 5390ක් දැනටමත් මිලදී ගෙන අවසන් බව දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...