ශ්‍රී ලාංකික සම්භවයක් ඇති උමා කුමරන් බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයකට පත්වෙයි!

සටහන – පුලී

ජූලි 25, LNW (කොළඹ):  ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුලකින් පැවත එන උමා කුමාරන් (Uma Kumaran) බ්‍රිතාන්‍යයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් (Parliamentary Under-Secretary of State) ධුරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ඇය වන අතර නව අගමැති ඇන්ඩි බර්නම් විසින් මෙලෙස ඇය එම තනතුරට පත්කරනු ලැබීය.

ගෝලීය වශයෙන් දැඩි ආතති සහගත සහ අභියෝගාත්මක කාලවකවානුවක බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර නායකත්වය සහ විදේශ කටයුතු නියෝජනය කරමින් රටට සේවය කිරීමට ලැබීම තමන්ට ලැබුණු විශාල ගෞරවයක් බව උමා කුමාරන් සිය නව පත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබිණි.

නැගෙනහිර ලන්ඩනයේ උපත ලැබූ ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. පසුව එවකට ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි ජෙරමි කෝබින්ගේ (Jeremy Corbyn) මැදිහත් වීම මත ඔවුන්ට බ්‍රිතාන්‍යයේ පදිංචි වීමේ අයිතිය හිමි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...