ඉරානයට චීනයෙන් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති 400ක් ලබාදීමට සැලසුම්

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉදිරි සති කිහිපය තුළ චීනය නිෂ්පාදිත උරහිස මත රැගෙන යා හැකි (Shoulder-Fired) ගුවන් ආරක්ෂක මිසයිල දියත් කිරීමේ පද්ධති (MANPADS) 400ක් දක්වා ඇතුළත් පළමු තොගය ඉරානයට ලබාදීමට නියමිත බව Reuters වාර්තා කර තිබේ.

මෙම MANPADS වර්ගයේ පද්ධති පහත් උසින් පියාසර කරන හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කර ක්ෂණිකව භාවිත කළ හැකි කෙටි දුර ගුවන් ආරක්ෂක ආයුධ ලෙස සැලකේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම පද්ධති ඉරානයේ කෙටි දුර ගුවන් ආරක්ෂක හැකියාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කළ හැකි බවයි. විශේෂයෙන්ම පහත් උසින් සිදුකරන ගුවන් ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා මෙම පද්ධති වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් චීන හෝ ඉරාන බලධාරීන් විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, ඉරානය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...