තාප්පය බිම හෙළා අලි තිදෙනෙකු ගෙවත්ත ආවා වනජීවී නිලධාරීන් දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නෑ : නිවෙස් හිමිකරු

රෂිකා හෙන්නායක ජූලි 30 කොළඹ LNW:

ඊයේ (29) අලුයම සිගිරිය නගරයට ඇතුළු වූ වන අලි තිදෙනෙකු, නිවසක ගෙවත්තේ තිබූ කොස් ගසකින් ගෙඩි කෑම සඳහා එහි තාප්පයක් බිම හෙළා ඇත.

අඩි 200ක් පමණ දිගු එම තාප්පය බිම හෙළා අලුයම 3.30ට පමණ ගෙවත්තට ඇතුළු වූ වන අලි තිදෙනා කොස් ගෙඩි ආහාරයට ගත් බව නිවසේ හිමිකරු පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණු බව ඔවුහු පැවසූහ. තම නිවස වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට ඉතා ආසන්නයේ පිහිටා තිබුණද, වාහනයක් නොමැති වීම හේතුවෙන් එම ස්ථානයට පැමිණීමට නොහැකි බවට නිලධාරීන් හේතු දැක්වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

දිගු කලක සිට වන අලි තර්ජනයට මුහුණ දී සිටින බවත්, නිරන්තර බියෙන් ජීවත් වන බවත් සිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ පැවසූහ. දිවා රෑ නොබලා සිගිරිය ප්‍රදේශයට පැමිණෙන සහ මාර්ගවල ගැවසෙන සංචාරකයින් පවා මෙම වන අලි ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානමකට ලක්ව සිටින බව ඔවුහු පෙන්වා දුන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...