MSC Elsa 3 නෞකාවෙන් සිදුවූ සමුද්‍රීය ප්ලාස්ටික් දූෂණය ..

රෂිකා හෙන්නායක ජූලි 30 කොළඹ LNW:

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ‘MSC Elsa 3’ නෞකාව ගිලී යාමෙන් පසු වෙරළට ගසාගෙන ආ ප්ලාස්ටික් කැට (plastic pellets) සහිත කන්ටේනර් 43කට අධික ප්‍රමාණයක් මේ වන විටත් එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.

යාපනය දූපත්වල සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරය දිගේ මෙම ප්ලාස්ටික් කැට තවදුරටත් වෙරළට ගසාගෙන එමින් පවතින බවත්, මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවත් එම අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා පැවසීය.

මෙම ප්ලාස්ටික් කැට ඉවත් කිරීම සඳහා සේවකයින් 1,800ක් පමණ යොදවා ඇති අතර, ඒ සඳහා වන වියදම් අදාළ නැව් සමාගම විසින් දරනු ලබන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, මෙම නෞකාව ගිලී යාමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානිය වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල තක්සේරු කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ඊයේ දිනයේදී රැස්වීමක් පැවැත්වූ බව ද සභාපතිවරයා පැවසීය.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ ‘MSC Elsa 3’ කන්ටේනර් නෞකාව, ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ජලය කාන්දු වීමක් හේතුවෙන් 2025 මැයි 25 වන දින ගිලී ගියේය. සිද්ධිය වන අවස්ථාවේදී එම නෞකාව තුළ කන්ටේනර් 643ක් තිබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...