*
Monday, October 14, 2024
spot_img

Latest Posts

අරුණ දර්ශන පැරිසයේ දී හරියට දර්ශනය වෙයි.

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 05, (LNW) කොළඹ :

අරුණ දර්ශන හරියට රටට දර්ශණය නොවුණ ක්‍රීඩකයෙක්.යොවුන් ක්‍රීඩකයෙක් විදිහට ආසියාව එක්ක හැප්පිලා නම තිබ්බත් ඒක ඉක්මණින් මැකිලා ගියා.සමහර දෙනෙක් පෙනුමයි,දිවීමයි දෙකම අරගෙන ඊ ළඟ සුගත් විදිහට දර්ශන ගැන කිව්වත් හුඟක් වෙලාවට අරුණ,කාලිංග ක මාරගෙ පසුපසින් ලංකාවෙ මීටර් 400 දෙවැන්නා විදිහට රැඳුණා.සමහර විට හමුදාවෙම වුණත් මලල ක්‍රීඩාවෙදි අරුණ හිටියෙ එහි වඩාත් ආකර්ශණීය රෙජිමේන්තුවක නොවන නිසාත් වැඩිය දර්ශනය නොවී තියෙන්න ඇති.


කන්තලේ කිව්වට,අරුණ වැඩිපුර ඉන්නෙ දැන් තමන්ගෙ පුහුණුකරුවාගෙ ගෙදර.ඒත් ගෙදරට යන හැම වෙලේම අරුණගෙ හිතේ කඳුළු පිරෙනවා.ඇස්වලට ගන්නෙ නැතුව ඒවා හංගගෙන දුක් විඳිනවා.රූපවාහිනියෙන් දකින,පත්තර පිටුවල කියවන පුතාගෙ හපන්කම් කොච්චර වුණත්,තවම හරියට ඉන්න හිටින්න ගේ ඉවර කරගන්න බැරි වුණානෙ කියලා අරුණට හැඬෙන කාරණයම අම්මට වෙන විදිහකට හිතෙනවා ඇති.ලෝකෙම දැන ගත්තත් මේ බිත්ති හතරෙ වැඩ ඉවර කරගන්න වත්කමක් නැති දිවිල්ල ගැන අම්මට දුක හිතෙනවත් ඇති.


එහෙම එකතු කරගෙන තිබුණු සල්ලිවලින් ඔලිම්පික් සුදුසුකම් ලබන්න අරුණ ජපානෙට පියාඹපු අවස්ථාත් තිබුණා.ඒවට මැදිහත් වෙන්න තරම් පොහොසත් පරිපාලනයක් හෝ සමාජ පරිසරයක් නොතිබුණු රටක විශාල බරක් අරගෙන ස්වෙච්ඡාවෙන් කර ගැහුව මාධව සෙනරත් බණ්ඩාර වැනි අයත් මේ පිටුපස හිටියා.අසංක රාජකරුණා පුහුණුකරුවා වී නොනැවතී,තමන්ගෙම ගෙදර අරුණව බලා ගත්තා.
පැරිස් ධාවන පථයෙ නවවන මං තීරුවේ හිට ගත්තම තමන්ට වඩා හොඳ කාලයකින් දුවලා තිබුණු මිනිස්සු පසුපසින් ඉන්න එක වෙනුවට අරුණගෙ හිතේ මැවිලා පේන්න ඇත්තෙ තමන්ය මේ තරම් ඉස්සරහෙන් තියන්න මහන්සි වෙන ආදරණීය මිනිස්සු.ඒ හැඟීම ඇති මනුස්සෙක්ට ලෝකය ජයගන්න.තත්පර 44.99 ක් කියන්නෙ ලංකාවෙ මීටර් 400 ඉසව්වෙ තත්පර 40 සීමාවට දෙවන වරට සම්ප්‍රාප්ත වූ ක්‍රීඩකයා හැටියට අරුණගෙ නම ඉතිහාසයට එකතු වීමයි.

අසංක,අරුණ,තරුශි සහ සුසන්ත


මේ ජයග්‍රහණය වෙනුවෙන් වැටිච්චි දහදිය ගැන ඇත්තටම දන්නෙ අරුණයි,අසංකයි විතරයි.මේ සමඟ තියෙන විඩියෝවේ අසංකගෙ කදුළු කියන්නෙ ඒ මහන්සියෙ ප්‍රතිපල.අපට එහෙම පුහුණුකරුවො හතර දෙනෙක්ගෙ කදුළු දැකලා සතුටෙන් ඒ කඳුළුවලට අපේ කදුළුත් එකතු කරන්න තිබුණ අවස්ථාවක් මීටර් 400 කණ්ඩායමට වීසා ලබා ගැනීමට නොහැකිවීමෙන් අපේ බලධාරීන් නැති කළත් අරුණ,මලල ක්‍රීඩාවට ආදරය කරන ලක්ෂ ගාණක් ලාංකිකයන්ගෙ ඇස්වලට සතුටු කදුළු ගේන්න සමත් වුණා.

Aruna’s top 10 performance
44.99 2024 France
45.30 2024 SL
45.45 2023 SL
45.48 2024 China
45.49 2023 Japan
45.49 2024 SL
45.50 2024 SL
45.59 2023 Japan
45.69 2023 Thailand
45.70 2023 Hungary


මේ කතාවෙ තව රහ කෑල්ලක් තියෙනවා.පරම්පරා තුනක් මේ පැරිස් ඔලිම්පික් එකේ ලංකාව නියෝජනය කරනවා.ඒ අසංකගෙ මලල ක්‍රීඩා ජීවිතයෙ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු තමයි තරුශිගෙ පුහුණුකරු හැටියට මේ තරගාවලියෙ ඉන්නෙ.සුසන්ත තමන්ගෙ ගෝලයයි,ගෝලයගෙ ගෝලයයි දෙස බලාගෙන ඉන්න පිංතූරයකුත්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙ ලේකම් සමන් කුමාර ගුණවර්ධනගෙ ඡායාරූප අතර සටහන් වෙලා තිබුණා.ඒකත් අතිශයින්ම වැදගත් ඓතිහාසික මොහොතක්.වලල කරන හපන්කම් ගැන තවමත් සමහර අය කතා කරන්නෙ අඩු තක්සේරුවකින්.ඒ අයට නැවත හිතන්න ඒ ඡායාරූපයත් වැදගත්.


අරුණ අපි 400 අවසන් පූර්ව වටය තව හොඳට දුවමු.දැනට ඉන්නෙ මූලික වටයෙ කාලය අනුව 17 වන තැන.ඒත් මූලික තරගවල මුල තුන විතරක් ගන්න නිසා වේගවත් මූලික තරගයක මුල ස්ථාන තුනෙන් එකක් වෙන් කර ගන්න බැරි වුණු අය පරාජිතයන්ගෙ වටයෙන් තේරී එන්න අවශ්‍යය නිසා ඔහු අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් දැනට ලබා ඇති අයගෙ ලේඛණයෙ 15 වැනියා.


අපිට පදක්කම් එපා.ගත්තොත් හොඳයි සතුටුයි.ඒත තව ගොඩක් දේවල් කරන්න උඹට තියෙන හැකියාවෙ තරම පෙන්නන්න අවසාන පූර්ව වටයෙදි තත්පර 44.99 ට අඩු ගණනකට දුවපං.පදක්කම් එන්නෙ දක්ෂතාවය අනුව.දක්ෂතාවය ගැන හිතපං.ඉතුරුවා එකතු වෙයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan