දකුණු කොරියා–ඇමරිකා හමුදා අභ්‍යාසයට පෙර උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සහ ඇමරිකාව වාර්ෂික ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් සඳහා සූදානම් වෙමින් සිටියදී, උතුරු කොරියාව නව බැලස්ටික් මිසයිලයක් නැගෙනහිර මුහුද දෙසට දියත් කර තිබේ.

දකුණු කොරියානු හමුදාව පවසන්නේ මිසයිලය වොන්සන් ප්‍රදේශයෙන් දියත් කර කිලෝමීටර් 700කට වැඩි දුරක් ගමන් කර ඇති බවයි.

සතියකට අඩු කාලයක් තුළ උතුරු කොරියාව සිදු කළ දෙවැනි මිසයිල අත්හදා බැලීම මෙය වන අතර, දකුණු කොරියාව සහ ඇමරිකාව අතර Ulchi Freedom Shield ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අගෝස්තු 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

උතුරු කොරියාව මෙවැනි හමුදා අභ්‍යාස සිය රට ආක්‍රමණය කිරීමේ සූදානමක් ලෙස සලකන අතර, මිසයිල අත්හදා බැලීම කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ නංවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියම් සොයමින් නව මෙට්‍රෝ බස් 112ක් ධාවනයට එක්වෙයි!

කොළඹ LNW:කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත්...

ඥානසාර හිමිගේ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිගෙන් මෝසමක්!

කොළඹ LNW:ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ...

නඩු දෙකටම නාමල් යළි රිමාන්ඩ්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්...