Seat Belt එකක් නිසා වුණ හදියක්! ළමයෙක් නිසා ගුවන් යානයක්ම Cancel වෙයි!

සටහන – පුලී

අගෝස්තු 12, LNW (කොළඹ): කැනඩාවේදී ළමයෙක් seat belt එක පැළඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගුවන් යානයක් අවලංගු කිරීමට සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙයි.

Victoria International Airport සිට Toronto බලා ගමන් කිරීමට නියමිතව තිබූ Porter Airlines ගුවන් යානයක් takeoff සඳහා සූදානම් වෙමින් සිටියදී, දරුවා ආසනයේ වාඩි වී seat belt එක පැළඳීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙමාපියන් සහ ගුවන් කාර්ය මණ්ඩලය දරුවා ආරක්ෂිතව ආසනයේ රඳවා තැබීමට උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. අවසානයේ දරුවා සහ දෙමාපියන් ගුවන් යානයෙන් ඉවත් කිරීමට සිදුව ඇත.

මේ වන විටත් ගුවන් යානය ප්‍රමාද වී තිබූ අතර, ගුවන් තොටුපළේ රාත්‍රී මෙහෙයුම් සීමාවද ළඟා වී තිබූ නිසා ගුවන් ගමන සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සිදුව ඇත.

ඒ අනුව ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන්ටද ඔවුන්ගේ ගමන පසුදා දක්වා කල් දැමීමට සිදුව ඇති අතර, ගුවන් සමාගම සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් සමාව ද ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩීසල් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

ලෝක ඩීසල් සැපයුම සම්බන්ධයෙන් පවතින පීඩනය හමුවේ, ප්‍රංශය සහ...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...