වාසුට පැටලුණාද? වාසු පැටලෙව්වද? (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය,ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ඊයේ (12) පස්වරුවේ විරෝධතා පාගමනක් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසළින් ආරම්භ වී කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගමන් කර කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

73 වන හර්තල් සැමරුම සඳහා සඳහා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණු අතර එහිදී අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම,අධික ජීවන බර, IMF රෙගුලාසි වලට නැඹුරු වීම වැනි ඉල්ලීම් රැසක්ද ඉදිරිපත් කර ට තිබුණි.

මෙම අවස්ථාවට එක වූ වාසුදේව නානායක්කාර මහතා විරෝධතාව අතරතුර ආණ්ඩුවට පක්ෂපාතී බව පෙන්නුම් කරමින් ආණ්ඩුව නිසි මාර්ගයේ රැගෙන යාම වාගත් බවට කළ ප්‍රකාශයත් සමඟ එහි යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර වාසුදේව නානයක්කාර මහතා වෙත යම් විරෝධයක් එල්ල විය.

ආණ්ඩුව ජනතා අභිලාෂයන් ඉටුවන මාවතේ යා යුතු වන අතර ආණ්ඩුවට එරෙහිව එක්ව සිටින දක්ෂිණාංශික බලවේග උත්සහ කරන්නේ ආණ්ඩුව පෙරලීමට බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

එහෙත් තමන් උත්සහ කරන්නේ ආණ්ඩුව ජනතා මාවතේ ගෙනයාමට බව ඔහු පැවසීය.

ආණ්ඩුවට විරෝධය දැක්වීමට පෙර මෙම තත්ත්වය තේරුම් ගත යුතු බව වාසුදේව නානායක්කාර මහතා කියාසිටියේය.

ජනමත විමසුමක් අවශ්‍ය බවට අධිකරණය පැවසුවහොත් ඊට යා හැකි බවත් මෙය සාමාන්‍ය ජනතාවට අහිතකර ලෙස බලපානු ලබන යෝජනාවක් නොවන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...