ඇත්තටම එදා බැසිල්ට යන්න දුන්නා නම් මේ ප්‍රශ්න නෑ – විමල් (VIDEO)

Date:

බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ඇමරිකාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඒ මහතාට රටින් පිටව යාමට ඉඩ ලබාදුන්නේ නම් වර්තමානයේ බොහෝ ප්‍රශ්න ඇති නොවීමට ඉඩ තිබුණු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“දැන් ඔය බැසිල් රාජපක්ෂ මෑතක යන්න ගියානෙ ඇමරිකාවට. එවෙලෙ එතන ඉඳපු ශ්‍රී ලංකන් එකේ කාන්තාවන් තුන්දෙනෙක් ඒ රාජකාරිය නොකර අයින් වුණානෙ. ඔබ දන්නවද ඒ අයින් වුණේ ඇයි කියලා ? ඒ ළමයි තුන්දෙනා ඉස්සරහට කෙනෙක් ආවා එයාර්පෝට් එකේ හිටපු, ෆෝන් එකෙන් ෆොටෝ ගත්තා තුන්දෙනාගෙ. අපි ගාව තියෙනවා පින්තූර, යන්න දුන්නොත් අපි බලාගන්නම් ගෙවල් දොරවල් ගැන කියලා කිව්වෙ. එහෙම කිව්වට පස්සෙ ඒ තරුණියන්ට සාධාරණ බයක් ඇතිවුණා. යකෝ රටේ මැති ඇමතිලාගෙ ගෙවල්වත් උන්ට බේරාගන්න බැරිනම් අපි බේරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය ඇතිවුණා. ඒගොල්ලො ටක්ගාලා එතනින් අයින් වුණා. ඒක අනුව බැසිල් රාජපක්ෂට යන්න බැරිවුණා. ඇත්තටම ඒ යෝධයාට එදා යන්න දුන්නා නම් ලොකු දෙයක්. මොකද ඇමරිකාවෙද, කොහෙද අදාළ නෑ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ පනතක් තියෙනවා, මට ඒ පනත හඳුන්වන්න නම මතක නෑ, ඒ පනත අපි මෙහෙ සම්මත කළොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන්ගෙ වියදමෙන් හොයනවා වෙන රටවල්වල අපේ කවුරුහරි හොරකම් කරලා ඒ සල්ලි වෙන රටවල්වල ගබඩා කරලා තියෙනවා නම් ඒවා අපට අරන් දෙනවා”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...