අවස්ථාවාදී නොවී රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න සියලු දෙනා එක්වෙමු – විපක්ෂ නායක සජිත්

රටක් ලෙස පසුගිය වසර 7 තුළ ඛේදවාචක 5කට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා අවිනිශ්චිචතා හා අවදානම් රැසකට මුහුණ දුන් බවත් මේ අවස්ථාවේ රටක් ලෙස උපක්‍රමශීලීව ක්‍රමෝපායීව සංවර්ධනය කරා ගෙන යා යුතු බවත් යුක්තිගරුක විනයගරුක අධ්‍යාත්මික ජන පරපුරක් සේම සැමට සෞභාග්‍ය උදා කරවන නැති බැරි ඇති හැකි හැමෝටම සෞභාග්‍ය උදාකරමින් අප රට සුරක්ෂිත කරන ගමනට සියලු දෙනා එකට එකතු විය යුතු බවත් එහි දී අවස්ථාවාදීව කටයුතු නොකර රටේ උන්නතිය උදෙසා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍යාමොපාලි වනවාස නිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම වෙනුවෙන් ඇල්පිටිය කහදූව වතුරුවිල තිබ්බොටුවාව වනවාස මූලස්ථානයේ දී පැවැති ඓතිහාසික පුණ්‍ය මහෝත්සවය හා එක්වෙමිනි.

අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙමින් එය ආරක්ෂා කරන්නට, ප්‍රවර්ධනය කරන්නට බැදි සිටින නිසා එය ඒ ආකාරයෙන්ම ඉටු විය යුතු බවත් ඊට අමතරව සෙසු ආගම්, සංස්කෘතීන් හා ජන කොට්ඨාසවල අනන්‍යතාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම රටක් ලෙස සියලු දෙනාගේම වගකීම බවත් මේ සංහිදියාව හා එකමුතුභාවය තුළ නියත වශයෙන්ම විනයගරුක, යුක්තිගරුක, ශීලාචාර, ශිෂ්ටසම්පන්න ප්‍රබුද්ධ, ප්‍රශස්ත ජන සමාජයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ මහා සංඝරත්නයටත් සම්බුද්ධ ශාසනයටත් විවිධ බලපෑම් එල්ල වුණා

මෑත යුගයේ විවිධ බලවේග සම්බුද්ධ ශාසනයට අහිතකර බලවේග නිර්මාණය වී බුදුදහම විකෘති කරන්න වෙනමම කණ්ඩායම් උත්සුක වී ඇති බවත් සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් වන මහා සංඝරත්නය විවේචනයට අපහාසයට නින්දාවට සේම චරිත ඝාතනයට ලක්වන බවත් එම නිසා සියලු වාදභේද නොතලා මතිමතාන්තර කුමක් වුවත් මේ මහා සංඝරත්න සුරක්ෂා කිරීම ජාතික වගකීමක් ලෙස සැලකිය යුතු බවත් එය පුරවැසි යුතුකමක් නිසා රටේ පුරවැසියන් ලෙස ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නින්දා ප්‍රසංසා හමුවේ මැදිහත් සිතින් ඒවාට මුහුණ දෙමු

කෙතරම් නින්දා ප්‍රසංසා ලැබුවත් ඒවාට යට නොවී කටයුතු කරන මහා සංඝරත්නය ගෞරයට පාත්‍රවන බවත් බුදුරජාණන් වහන්සේ පවා ධම්මපදයේ දේශනා කළ ආකාරයට සතර අතින් හමන මහා හුළගට නොසෙල්වී නොසැලී මහා ගල් පර්වතය එය විදදරා සිටියා සේම මහා සංඝරත්නය ඒවට මුහුණ දී ආගමික කටයුතුවල නිරත වීම රටේ භාගයක් බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

දහම් අධ්‍යාපනය දියුණු කරන වැඩපිළිවෙළක් කරා යා යුතුයි

අප රටේ පන්සල් 14129ක්, දහම්පාසල් 10347ක්, ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාස 327ක් පිරිවෙන් 824ක් ඇති බවත් අප රටේ ඇති මේ පන්සල් පද්ධතිය සුරක්ෂා කරන්නට මේ පන්සල් පද්ධතිය තුළින් ඉටු වන ආගමික ශාසනික සේවාව වඩ වඩා ශක්තිමත් කරන්න සියලු දෙනා මැදිහත් විය යුතු බවත් දහම් අධ්‍යාපනය කොරෝනා සමයෙන් පසු යම් පහළ වැටිමක් සිදුව ඇති බවත් මේ දහම් පාසල් පද්ධතිය දරු පරපුරට යොවුන් පරපුරට සම්බන්ධ වන ආකාරයේ වැඩපිළිවෙළක් සම්බන්ධ කිරීම සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප අද අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙනවා

පන්සල් පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කරන්නා සේ රටම සුරක්ෂා කළ යුතු බවත් කවුරු කුමන මතයක් දැරුවත් ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව හා නිදහස සුරක්ෂා කළ යුතු බවත් අද වන විට අවදානම් යුගයක අප ජීවත් වන බවත් ගෝලීයව හා ජාත්‍යන්තරව ව්‍යවසන හා ඛේදවාචක නිර්මාණය වන බවත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා නිර්මාණය වන ව්‍යවසන ඛේදවාදකවලට අමතරව පරිසර පද්ධතියේ සිදුවන කාලගුණ දේශගුණ විපර්යාස නිසා අභියෝග රැසක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරු ගැන තීරණය පොලිස් කොමිසම අතේ

ජාතික පොලිස් කොමිසම අද (01) දිනයේදී රැස්වීමට නියමිතව තිබේ. පොලිස්...

රු.6500ක අල්ලසක් ගන්න ගිහින් තරුණ සේවා සභාවේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් 6500ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේ චෝදනාව...

එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය වැටලීමේ ජයග්‍රහණය පිටුපස සැඟවුණු තවත් කථාවක් එළියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : තොරතුර ලැබී දින...