සරසවි ආචාර්යවරුන්ගේ බදු ගැටලුව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):    අද (5) පාර්ලිමේන්තුවේදී  සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම පිළිබඳ  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් දැක්වීය.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

” අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා  සියල්ල එකතු වුණාම  වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ   සියයට 36  කොටසට ඇතුළු වුණා. මේ බදු අය කෙරුණේ ඒ අනුවයි. ඒ කොටසට  මැති ඇමති අපිත්  ඇතුළු වුණා.

සරසවි ඇදුරන්ගේ සමහර ප්‍රශ්න අපි විසඳා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ  මතය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන් යවලා තියෙනවා. මගෙන් කරන්න ඕන කටයුතු කළා . ආචාර්ය වරුන්ගේ සංගමය ඒක දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අදාළ වාර්තා  යවලා ඒ නිර්දේශය ගන්න ඕන”

ලෙස අමාත්‍යවරයා පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...