*
Friday, May 3, 2024
spot_img

Latest Posts

චැනල් ෆෝ නාලිකාව බටහිර කුමන්ත්‍රණයක්ද ?

බටහිර ලෝකය යනු දැනට මිනිස් ශිෂ්ඨාචාරය පැමිණ ඇති උපරිම ස්තානය යැයි පැවසිය හැකිය. කොමියුනිස්ට්වාදය යනුවෙන් විශිෂ්ඨ සංකල්පනා පද්දතියක් ඇති නමුදු එය ලොව කිසිම තැනක මේ දක්වා යථාර්ථයක් වී නොමැත.අන්ත නොදියුණු භූ කලාප තුල කෘතීමව කොමියුනිස්ට් රාජ්‍යය පිහිටුවීමට උත්සාහ දරා ඇතිමුත් ඒ සියළු වෑයමක්ම අන්ත අසාර්ථක විනාශයකින් කෙලවරවී ඇත…

පරිධියේ රාජ්‍යයන්ට මානවහිමිකම් යනු වචන මාත්‍රයක් පමණක් වූ නමුත් බටහිර ධනවාදී ලෝකයට අදාලව “මානවහිමිකම්” යනුවෙන් වටිනාකම් පද්දතියක් තිබේ.

ඒවා බටහිර ලෝකය තුල නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අතර පරිධියේ රටවල වෙසෙන මහා ජාතීන් විසින් පීඩිත ජාතීන් පාගා දමනවිට ඒ සම්බන්දව පීඩිත ජාතියේ මානවහිමිකම් වෙනුවෙන් බටහිරයන් විසින් පීඩක පිලේ පාලකයන්ට එරෙහිව යම් යම් බලපෑම් කරයි..

එහිදී අප වැනි පරිදියේ රටවල්වල වෙසෙන මහා ජාතීන් සුළුජාතීන්ගේ මානවහිමිකම් වෙනුවෙන් බටහිරයන් විසින් කරන එවන් බලපෑම් අර්තකතනය කරගන්නේ බටහිර අධිරාජ්‍යවාදී අතපෙවිම් යනුවෙනි. නමුත් අපේ රටේ මහා ජාතියේ මැරයන් 83 කළු ජූලියේදී රටේ හමුදාව බලාසිටියදීම දෙමළ ජනයාගේ දේපළ හා දෙමළ මිනිසුන් පනපිටින් ගිනිතබද්දී ඒවා මොනවර්ගයට අයත් අත පෙවීම් දැයි නොකියයි.

එසේම පසුගිය සමයේ දිවයින පුරාම මුස්ලිම් මිනිසුන්ට අයත් වෙළඳසැල් මහාජාතියේ මැරයන් විසින් ගිනිතබන විට සහ රතන, වීරවංශ , ජයසුමන වැනි අය මෙහෙයවන අදිපති දේශපාලන බලවේග විසින් සාෆි වැනි සුළුජන වැසියන් අන්ත පීඩාවට පත්කරන විට ඒවා මොනවර්ගයට අයත් අතපෙවීම් දැයි ඔවුන් නොකියයි.

ආසියානු සහ විශේෂයෙන්ම අප්‍රිකානු රටව්ල් වල ගෝත්‍ර අතර ධරුණු යුද්ධ (නැටි දෙක ඉතුරුවන තුරු බළලුන් කාගන්නවා වැනි) ඇතිවන විට බටහිර බලවතුන් එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවන් ඒ මැදට පිටත්කරහැරේ. එහිදී සිදුවන්නේ එරට පොදු ජනයාගේ ජීවිතවලට ඇති වටිනාකම් ආරක්ෂාකරදීම මිස භූමිය අල්ලා ගැනීම නොවේ..(ගැටුම් අවසන්වූ පසු ඔවුන් ඉවත්වේ)

නමුත් පරිදියේ අධිපති ගෝත්‍ර වාදීන්ට අනුව එවැනි සාමය උදෙසා කරන හමුදා මැදිහත් වීම පවා අයත්වන්නේ අධිරාජ්‍යවාදී යුධ බලය විසින් කරන බූමිය අත්පත් කරගැනීම් යනුවෙනි..

නමුත් මේවනවිටත් උතුරේ දෙමළ ජනයාට අයත් සාරවත් බිම් අක්කර දහදාහක හමුදාව කඳවුරු බැඳ සිටිම අයත්වන්නේ කුමන අත්පත් කරගැනීමකට අනුව දැයි ඔවුන් නොකියයි..

චැනල් ෆෝ නාලිකාව වැනි නාලිකාවන් කරන්නේද එවැනිම යුක්තිගරුක වැඩකි, පෙරකී පසුගාමී රටවල්වල අධිපති ජාතීන්ට අයත් පාලකයන් විසින් කුඩා කුඩා ජනවර්ග වලට එරෙහිව කරන කෙනෙහිලිකම් සහ අපරාධ එකී පසුගාමී පාලකයන් විසින්ම බලය යොදා වසංකරන විට චැනල් ෆෝ වැනි නාලිකාවන් විසින් සත්‍යය ලොවට හෙළිකරයි..

එදා, උතුරේ යුද්ධයේදී චැනල් ෆෝ වැනි නාලිකා නොතිබෙන්නට උතුරේ යුද්ධය ලෝවැසියන්ට අර්තකතනය කරගැනීමට වන්නේ ලංකාවෙ අයි. ටී.එන්. වැනි බේගල් නාලිකා හරහාය..

මේවනවිට බටහිර ලෝකය යනු මිනිස් ශිෂ්ඨාචාරයේ මුදුන යැයි මා කියන විට ඒ මුදුනට ලඟාවීමට ඔවුන් විශාල ආයාසකර දුරක් පැමිණ ඇතිබවද මා කිවයුතුය. ඒ ගමන අතර තුර ඔවුන් විසින්ද කඩකල මානවහිමිකම් ද බොහෝය. නමුත් ඒවා දැන් උළුප්පා පෙන්වීම යනු පරිදියේ සුළුධනේෂවර අධිරාජ්‍යවිරෝධී මේණියාවේම කොටසක් මිස යතාර්තය සොයාගැනීමට දැන් දරණ උත්සාහයට අයත් කාර්‍ය්යක් නොවන බවද සඳහන් කර තබමි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan