චීන පොහොර නැව ගැන විගණකාධිපති වාර්තාව වැරදියි. ඒක එළියට ගිය එකත් වැරදියි – අමරවීර

Date:

ආන්දෝලනාත්මක චීන පොහොර නැව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව නිවැරදි නොවන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව එම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසා ඇතත් අමාත්‍යාංශ නිලධාරීන් ලබාදුන් පිළිතුරු එම වාර්තාවට ඇතුළත් කර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම, සාමාන්‍යයෙන් මෙවැනි වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කළයුතු වන්නේ පාර්ලිමේන්තුවට වුවත් මෙම වාර්තාව මාධ්‍ය වෙත කලින්ම නිකුත් වී ඇති බව පවසන අමාත්‍යවරයා එය වරදක් බවත් එය එසේ සිදුවුණේ කවරාකාරයෙන්දැයි පරීක්ෂණයක් සිදුකරන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

අදාළ විගණකාධිපති වාර්තාවෙන් නිර්දේශ කර තිබුණේ මෙම ගනුදෙනුව හරහා රජයට සිදුවුණු පාඩුව ඊට වගකිව යුතු පුද්ගලයින්ගෙන් අය කරගත යුතු බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...