චීන පොහොර නැව ගැන විගණකාධිපති වාර්තාව වැරදියි. ඒක එළියට ගිය එකත් වැරදියි – අමරවීර

Date:

ආන්දෝලනාත්මක චීන පොහොර නැව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව නිවැරදි නොවන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව එම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසා ඇතත් අමාත්‍යාංශ නිලධාරීන් ලබාදුන් පිළිතුරු එම වාර්තාවට ඇතුළත් කර නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම, සාමාන්‍යයෙන් මෙවැනි වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කළයුතු වන්නේ පාර්ලිමේන්තුවට වුවත් මෙම වාර්තාව මාධ්‍ය වෙත කලින්ම නිකුත් වී ඇති බව පවසන අමාත්‍යවරයා එය වරදක් බවත් එය එසේ සිදුවුණේ කවරාකාරයෙන්දැයි පරීක්ෂණයක් සිදුකරන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යාව සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමිනි.

අදාළ විගණකාධිපති වාර්තාවෙන් නිර්දේශ කර තිබුණේ මෙම ගනුදෙනුව හරහා රජයට සිදුවුණු පාඩුව ඊට වගකිව යුතු පුද්ගලයින්ගෙන් අය කරගත යුතු බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...

පවතින වියළි කාලගුණික තත්වයේ වෙනසක්

ජනවාරි 23 වන දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ...

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...