චන්ද්‍රිකා කේවල සහ යුගල අවසාන තරගයට සුදුසුකම් ලබයි

Date:

කොරියාවේ ජියොන්ජූ හී හ්වාසන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවත්වෙන ලෝක ජ්‍යෙෂ්ට බැඩ්මින්ටන් සූරතාවලියේ අවුරුදු 45 න් ඉහළ කාණ්ඩායේ අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඒ අවසාන පූර්ව තරගයේදී ඒ අවසාන පූර්ව තරගයේදී එංගලන්තයේ රෙබෙකා පැන්ටනි පරාජය කරමින්ය.එම තරගයේ දී චන්ද්‍රිකා ලකුණු 23 – 21,20 – 22 සහ 21 18 ක් ලෙස රෙබෙකාව පරාජය කරන්නට සමත් වූවාය.


අවසාන තරගයේදී චන්ද්‍රිකාට හමුවන්නට නියමිතව ඇත්තේ නෙදර්ලන්තයේ ජෝර්ජි වැන් සොර්ලන්ඩ් ය.ඇය අවසාන තරගයට පිවිසුණේ මයුමි ෆුකසාවා 21 – 16 සහ 21 -17 ලෙස පරාජයට පත් කරමින්ය.
එසේම චන්ද්‍රිකා ද සිලවා ජර්මණියේ ක්ලෝඩියා වොගෙල්ග්සෑන්ග් සමඟ එකතු වී කාන්තා 45 ඉහළ යුගල අවසාන පූර්ව තරගයේදී නෙදර්ලන්තය නියෝජනය කරන ජොර්ජි වැන් සොර්ලන්ඩ් සහ නෙදර්ලන්තයේම මරියල් වැන් ඩර් වර්ඩට් පරාජය කිරීමට සමත් විය.ඒ ලකුණු 21 – 17 සහ 21 – 12 ලෙසය.එහිදී අවසාන තරගයේදී ඔවුන් දෙදෙනා තරග වදින්නේ ජපානයේ මිකී ජින් සහ මිකිකෝ ෂිමාඩා ට එරෙහිවය.


චන්ද්‍රිකා අවසාන පූර්ව තරගය ජය ගන්නට ප්‍රථම පීළිවෙලින් ස්ව්ට්සර්ලන්තයේ ෆ්‍රැන්සිස්කා ස්ට්‍රීබෙල්,ජපානයේ මිකිකෝ ෂිමාඩා යන ක්‍රිඩිකාවන් පරාජය කරන්නට සමත් වී ඇත.
මෙම තරගාවලියට අවුරුදු 35 ට වැඩි තරග අංශයෙන් නදීශා ගයන්ති ද සහභාගි වූවාය.ඇය ඉන්දියාවේ පාරුල් රාවත් ලකුණු 21 – 19 සහ 21 – 16 ක් ලෙස පරදවා අවසාන පූර්ව තරගයට පිවිසි අතර එම තරගයේදී ජපනායේ මානා යටාබේ ඉදිරියේ 21 – 10 සහ 21 – 14 ක් ලෙස නදීශා පරාජයට පත් වූවාය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...

මාස ගණනක් සැඟව සිටි වෙනිසියුලානු නොබෙල් ජයග්‍රාහකයා ඔස්ලෝහිදී මතුවේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා – Allison Hooker

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට...