එක්සත් ජනපදය හා ඉරානය අතර සිරකරුවන් හුවමාරුවක්

Date:

ඉරානයේ සිරගත කර සිටින ඇමරිකානුවන් පස් දෙනෙකු අද(18) නිදහස් කිරීමට සුදානම් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි ප්‍රකාශ කර තිබේ.

මේ වෙනුවෙන් එක්සත් ජනපද රජය විසින් රඳවා ඇති ඉරානයේ පුරවැසි භාවය ඇති සිරකරුවන් 5දෙනෙක්ද නිදහස් කිරීමට අමතරව කැටිකර ඇති ඉරාන අරමුදල්වලින් ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත වේ.

ව්‍යාපාරිකයෙකු වන Emad Shargi, පරිසරවේදියෙකු වන Morad Tahbaz සහ Siamak Namazi යන අය ඇමරිකානු හා ඉරාන යන ද්විත්ව පුරවැසිබව ඇති පුද්ගලයන්ය. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් ලෙස ඇමරිකාව පිළිගන්නා අතර නෙක් ඇමරිකානුවන් දෙදෙනාගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කර නොමැත. මොවුන් මේ වන විට වසර 5ක සිර දඬුවම් ලබා තිබේ.

මෙම ගනුදෙනුව දැනටමත් රිපබ්ලිකානුවන්ගේ විවේචනයට තුඩු දී ඇති අතර මෙය සාර්ථකව නිම වුවහොත් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් නියෝජනය වනු ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?