එක්සත් ජනපදය හා ඉරානය අතර සිරකරුවන් හුවමාරුවක්

ඉරානයේ සිරගත කර සිටින ඇමරිකානුවන් පස් දෙනෙකු අද(18) නිදහස් කිරීමට සුදානම් බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි ප්‍රකාශ කර තිබේ.

මේ වෙනුවෙන් එක්සත් ජනපද රජය විසින් රඳවා ඇති ඉරානයේ පුරවැසි භාවය ඇති සිරකරුවන් 5දෙනෙක්ද නිදහස් කිරීමට අමතරව කැටිකර ඇති ඉරාන අරමුදල්වලින් ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත වේ.

ව්‍යාපාරිකයෙකු වන Emad Shargi, පරිසරවේදියෙකු වන Morad Tahbaz සහ Siamak Namazi යන අය ඇමරිකානු හා ඉරාන යන ද්විත්ව පුරවැසිබව ඇති පුද්ගලයන්ය. ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් ලෙස ඇමරිකාව පිළිගන්නා අතර නෙක් ඇමරිකානුවන් දෙදෙනාගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කර නොමැත. මොවුන් මේ වන විට වසර 5ක සිර දඬුවම් ලබා තිබේ.

මෙම ගනුදෙනුව දැනටමත් රිපබ්ලිකානුවන්ගේ විවේචනයට තුඩු දී ඇති අතර මෙය සාර්ථකව නිම වුවහොත් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් නියෝජනය වනු ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...