කොළඹ LNW:මේ වන විට රටේ අධිකරණ පද්ධතියට එහි ස්වාධීනත්වයට අධිකරණයේ නිදහසට 22 වැනි සංශෝධනයෙන් දැවැන්ත ප්‍රහාර රැසක් එල්ල වන බවත් අප රට ඒකාධිපති ආඥාදායක රටක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රට තුළ ප්‍රධනම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සුරක්ෂිත වන්නේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු තුන මත පදනම් ව බවත් මෙහි දී මෙම කුළුණු තුනට බලය බෙදීම සේම ඊට ආවේණික නිශ්චිත බලතල ඇති බවත් සංවරණ හා තුළන හරහා ඒ බලය සමබර කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද මේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් විධායකය යන කුළුණේ ජනාධිපතිවරයා සහ බහුතර බලය සහිත ව්‍යවස්ථාදායකය රටේ අධිකරණ බලය පාලනය කරමින් ගරු අධිකරණය විධායකයේ වහලකු බවට පත් කර අධිකරණයේ නිදහස මිලේච්ඡ ලෙස උල්ලංඝනය කර ලක්ෂ 220 ජනතාවට උතුම් අධිකරණය සහ විනිසුරුවන් ගැන ඇති විශ්වාසය අමු අමුවේ කෙලෙසන නින්දිත උත්සාහයක් නිරත බවත් එහි ප්‍රතිඵලය ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (19) විපක්ෂ නායක කාර්යාලයේ දී තරුණ කාන්තා නීතිඥවරියන් සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරය.
මේ රජය බලයට පත් වූයේ ජනතා සෛරීත්වය ශක්තිමත් කර ආරක්ෂා කිරීමට වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,83,107 ව්‍යවස්ථා දෙස බලන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත වන්නේ නම් එය ජනතාවගේ පරමාධිපත්‍යය සෛරීත්වය හා කතිරයේ බලය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය පාස්කු ප්‍රහාරයට විසදුම් දීම දූෂණය වංචාවලට දඩුවම් දීම යන සටන් පාට පෙරදැරි කර ගෙන ගරු අධිකරණයේ ස්වාධීනත්වය නැති කර තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කිරීමට බවත් එවිට ජනතා විමුක්ති පෙරමුණ හැරුණු කොට වෙනත් අයට දේශපාලන නිදහස භාෂණයේ නිදහස් රැස්වීමේ නිදහස නොමැතිව ජවිපේ ආණ්ඩුවේ සදාකාලික වහලුන් බවට පත් කරන දේශීය යටත්විජිත වාදී යුගයක් කරා යාමය රජය පියවර තබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
22 වැනි සංශෝධනය වෙනුවට වෙනත් දේවල් කළ නොහැකිද කියා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් දුප්පත්කම වැඩි වී ජීවන වියදම් වැඩි වී සෘජු විදේශ ආයෝජන අඩු වී ඇති මොහොතක 2027 අයි.එම්.එෆ්.ගිවිසුම අවසන් වන බවත් මේවට විසදුම් වන්නේ 22 වැනි සංශෝධනය ද කියා ප්‍රශ්න කරන බවත් එම නිසා 24 වැනිදා උදේ පොල්දුව මංසන්ධියට එක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



