දහතුනේ කණ්ඩායමට ආණ්ඩුව බයද ?

Date:

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ කතා කතා කිරීමේ අවස්ථාව අහුරා ඇත්තේ ජනාධිපතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන් වෙනත් මතයක් දැමීම නිසාද එසේත් නැත්නම් ඔවුන් දහතුන්දෙනාට ආණ්ඩුව බයවී ඇති නිසාදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා.

ජනතාවගේ පමණක් නොව මහජන නියෝජිතයන්ගේ පවා කටවල් වසා තැබීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවට විපක්ෂ නායකයා චෝදනා කරනවා.

මානව හිමිකම් සම්බන්ධයෙන්, රටක ආර්ථිකය අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ජිනීවාවලදී බරපතල චෝදනා එල්ලවෙමින් තිබෙන වකවානුවක මහජන නියෝජිතයන්ගේ කටවල් වසාදැමීම හරහා ජාත්‍යන්තරයට දෙන පණිවුඩය කුමක්ද යන්න පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුව පිළිබඳව මැදිහත් වී මන්ත්‍රීවරුන්ගේ කතා කිරීමේ අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...