*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අධිකරණයට අපහාස කිරීම : සනත් නිශාන්තට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි තුන ඔක්තෝබර් 27 වනදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඒ, එම පැමිණිලි අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරුවරුන් හමුවේ ඊයේ (27) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කියා සිටියෙ සාක්ෂි ආඥා පනත යටතේ වීඩියෝ සාක්ෂි වලට අදාල පරීක්ෂණ සම්බන්ධ ලීයකියවිලි අධිකරණය හමුවේ ගොනු කළ බවත් ඒ අනුව පැමිණිලි විභාගය සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටින බවත් ය.

2022 අගෝස්තු 25 හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරුන් කටයුතු කරන ආකාරය පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළ බවට සනත් නිශාන්තට එරෙහිව මෙම පැමිණිලි ගොනු කර ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතීඥවරුන් විසිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan