22 ට ආණ්ඩුව බය වෙලාද ? විවාදය කල්යයි !

Date:

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබිණි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ නමුත් මේ දක්වා විවාදය ආරම්භ කර නොමැත.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර ඉන් අනතුරුව මන්ත්‍රීවරුන්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය සඳහන් කළේ විවාදයක් ලබාදීමට හැකි බවයි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා, 22 වැනි සංශෝධනය පිළිබඳ විවාදය සඳහා අද සහ හෙට කාලය වෙන්කර ඇති බැවින් එය පැවැත්වෙන්නේදැයි විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනයේදී පාර්ශ්ව කිහිපයක් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි. තවදුරටත් සාකච්ඡා කර එහි තිබෙන අඩු ලුහුඬුකම් විසඳාගෙන සංශෝධන සිදුකළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ කණ්ඩායම, විමල්-වාසු-ගම්මන්පිල ප්‍රමුඛ කණ්ඩායම ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...