*
Monday, October 14, 2024
spot_img

Latest Posts

ලක්කම්මා රත්නපුරෙන් හැලුව හේතුව ගැන හේෂා කරුණු කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් තීන්දු තීරණ ගන්නේ පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් බවත් එහිදී පුද්ගල සාධක මත තීන්දු තීරණ නොගන්නා බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

“ඇත්තටම පක්ෂයක් විදියට අපේ ප්‍රධාන අරමුණ පක්ෂය ජයග්‍රහණය කරවන එක. රත්නපුර දිස්ත්‍රික්කය අපි පහුගිය මැතිවරණයේදී ඡන්ද 257,000ක ප්‍රමාණයක් අරගෙන ජයග්‍රහණය ආසන්නයට ආවා. අපි මෙවර මහමැතිවරණයේදී මේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරලා මන්ත්‍රීවරු 08 දෙනෙකුට සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට එන්නත්, ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්නත් අරමුණින් තමයි අපි එකතු වෙන්නෙ. ඉතින් අපි පක්ෂයක් විදියට තීන්දු තීරණ ගන්නකොට පක්ෂයේ තීන්දු තීරණ ජයග්‍රාහී තීන්දු තීරණ. මං හිතන්නෙ මේ වෙනකොට අපි පක්ෂ ජයග්‍රහණයට අවශ්‍ය තීන්දු තීරණ විතරයි අරන් තියෙන්නෙ. ඒකෙදී පුද්ගලයා, නම, ගම ඒවා අපි හොයන්නෙ නෑ. ජනතාවගේ වැඩි කැමැත්තට වැඩකරන දිස්ත්‍රික්කයක් බවට අපි රත්නපුර දිස්ත්‍රික්කය පත්කරනවා, ඒක තමයි ඇත්තම කතාව”

ප්‍රශ්නය – එතකොට දමිතා අබේරත්න මහත්මිය චෝදනා කරනවා ඔබතුමා මුලදී සුබපතලා පස්සේ ඉතාමත් නින්දිත විදියට ඇයගේ නම කැපුවා කියලා ?

“මෙහෙමයි, අපේ පක්ෂයේ ජාතික තලයේ දේශපාලනය කරන ඕනෙම කෙනෙකුට ලැබෙන අවස්ථාවලට සුබපතන එක මගේ වගකීමක් නෙ. මම ඕනෙ කෙනෙකුට සුබපතනවා. හැබැයි සුබපතන එකයි මේ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරන එකයි දෙකක්. මේ දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් මම මේ වෙනතුරු ගත්ත හැම තීන්දුවක්ම දිස්ත්‍රික්කයේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්නත් දිස්ත්‍රික්කයේ පොදු ජනතාවගේ වැඩි කැමැත්තත් එක්ක ගත්තු තීන්දු තීරණ. ඒ නිසා මට ‘නම්’ නෙවෙයි වැදගත් වෙන්නෙ මේ රත්නපුර ජනතාව. අපි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව ජයග්‍රහණය කරන්න පුළුවන් හොඳ ශක්තිමත් කණ්ඩායමක් – වෘත්තිකයින්, උපාධිධාරීන්, උගතුන්, බුද්ධිමතුන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් අපේ ගාව ඉන්නවා. අපේ තරුණ කණ්ඩායමක් අපි දාලා තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්, අපේ පක්ෂය හැමවෙලාවෙම කටයුතු කරන්නෙ අපි සියලු දෙනාම එකට එකතුවෙලා තීන්දු අරගෙන. ඒ තීන්දු තුළ කටයුතු කිරීමේදී යම්යම් අවස්ථාවල ජනතා ජයග්‍රහණය වෙනුවෙන් තනි තීන්දු ගන්න වෙනවා නම් ඒවාත් ගන්න පසුබට වෙන්නෙ නෑ”

හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan