නොවිසඳුණු ගැටලු ගැන සරසවි සිසුන් අගමැතිනිව දැනුවත් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):

අද (17) දින, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර පැවති සාකච්ඡාවක් පැවති අතර එහිදී, විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කර තිබෙන බව සඳහන් වේ.

මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් සහභාගී වී තිබෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...