රතන හිමි ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරණයේදී මෙන් මහ මැතිවරණයේදී ද තමන් වහන්සේ නිහඬව සිටීමට තීරණය කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.

ගිය වර වැටුණු අමාරුව දන්නා හෙයින් මෙවර නිහඬ වෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

දේශපාලන පක්ෂයකට හෝ පාර්ලිමේන්තුවට සීමා නොවී රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම මේ මොහොතේ කළ යුතුව ඇති බවද රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

මේ වන විට විපක්ෂය ලෙස මතුව තිබෙන දේශපාලන හිඩැස පිරවීමට නොහැකි වීම ගැන තමන් වහන්සේ කණගාටු වෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

”මීට මාස තුනකට පමණ පෙර ප්‍රකාශ කළා මම නැවත පාර්ලිමේන්තු යන්න කිසිම පක්ෂයකින් ජන්දය ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ කියල. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි කියන තැන ඉඳල පෙළගැස්වීමක් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් අපට ඒවා කරගන්න බැරිවුණා. විශේෂයෙන් මහ මැතිවරණයේදී අපේ මතවාදය වෙනුවෙන් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සාකච්ජා කළා. නමුත් ඒ එකක්වත් අපි හිතපු මට්ටමට සාර්ථක වුණේ නැහැ. මගේ උපදේශකත්වයෙන් එවැනි ව්‍යාපාරයක් ගොඩනගන්න තමයි මහන්සි වුණේ. ඒකට ඉඩකඩක් නැති බවක් අපිට පෙනුණා. මුදල් නැහැ. ලියාපදිංචි පක්ෂයක් නැහැ. ඉතින් ගියවර වෙච්ච අමාරුව දන්න හන්දා ඒ අමාරුවේ වැටෙන්න මම කැමති වුණෙත් නැහැ. ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී මෙන් නිහඬ ප්‍රතිපත්තියේ ඉන්නවා කියන තීරණයට ඇවිත් තියෙනවා.”

මේ වන විට විසිරුණ බලවේග රැසක් තිබෙන අතර රැළිවලට හසු නොවී සුදුසු පුද්ගලයින් දෙස බලා ජන්දය දෙන ලෙසටද ඉල්ලිමක් කරන බව උන්වහන්සේ කියසිටියහ.

මෙවර මහ මැතිවරණයේදී ආණ්ඩුව සරළ බහුතරයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එය ප්‍රශ්නකාරී වන නමුත් ඕනෑවට වඩා වැඩි බලයක්ද දිය යුතු නැති බවද රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

එමෙන්ම විපක්ෂයද දුර්වල විය නොහැකි අතර මේ දෙපාර්ශවය අතර සමබර බවක් තිබිය යුතු බවයි උන්වහන්සේ තවදුරටත් පැවසුවේ.

උන්වහන්සේ මෙම අදහස් දක්වා සිටියේ අද (25) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...