නේපාලය, දකුණු ආසියානු පාපන්දුවේ දළකාරියන් බිම වට්ටවයි- අවසාන තරගයට නේපාලය සහ බංගලාදේශය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 28,(LNW) කොළඹ :

දකුණු ආසියානු කාන්තා පාපන්දු කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින ඉන්දියාවට මෙවර දකුණු ආසියාතික කාන්තා පාපන්දු සූරතාවලියේ අවසාන තරගය අහිමි කරන්නට නේපාලය සමත් වුණා.තරගාවලියේ සත්කාරකත්වය දැරුව නේපාලය වෙනුවෙන් එකම හිස් ගොඩක් බවට පත්ව තිබූ කත්මණුඩු නුවර දශරත් ක්‍රීඩාංගණය කුල්මත් කරමින් නේපාල ක්‍රීඩිකාවන් මේ තරගයේ දී සුවිශිෂ්ඨ ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළා.තරගයේ හරි අඩකදී පමණ නේපාලය වෙනුවෙන් මේ තරගාවලියේ දී වැඩිම ගෝල ප්‍රමාණයක් ලබා සිටි රේඛා පොඩෝල් ට රතු කාඩ් පත් අවවාදයක් නිදා පිටියෙන් ඉවත් වන්නඑට සිඳු වෙනවා.


ඉනික්බිති සංගීතා බස්ෆෝර් ඉන්දියාව වෙනුවෙන් ගෝලයක් රැස් කරන අතර අනතුරුව නේපාලය ලබා ගත් ගෝලය යම් සදාචාරාත්මක හේතුවක් මත ප්‍රතික්ෂේප කරන්නට විනිසුරුවන් තීරණය කරනවා.එය නීතිමය තත්ත්වයකට වඩා සදාචාරාත්මක ගැටළුවක් වුවත්,තරගකාරීත්වය නිසා නේපාලය දක්වන විරෝධය හේතුවෙන් තරගය අතර මැද විශාල වේලාවකට නැවතී තිබෙනවා.නැවත තරගය ඇරඹුණු විට ඉන්දියාවට පිළිගත හැකි ගෝලයකින් සංග්‍රහ කරන නේපාලයේ සබිට්රා බණ්ඩාරි දකුණු ආසියානු කළාපීය කාන්තාවන්ගෙන් නොදැකිය හැකි ආකාරයට සිය උඩු කයේ උඩු ආවරණය ගලවා ඒ වෙනුවෙන් සතුට ප්‍රකාශ කරනවා.


කහ කාඩ් අවවාදයක් ලැබුණ ද,සබිට්රා පිරිමි ක්‍රිඩකයෙකු කරන ආකාරයට සිය සතුට ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප වීම කළ නොහැකි දෙයක් වන අතර කළාපීය මානසිකත්වය තරග නීති රීති ඉක්මවා ඊට බලපාන්නට ඇති බව හැඟෙනවා.නේපාලය සටන්කාමී ලෙස තරගයේ රැඳෙමින් සම්පූර්ණ කාලය සම ලකුණු සහිතව නිමා කරනවා.

ඉනික්බිති උදාවන තත්ත්පරයේ දී නිදහස් පරහ සඳහා පිවිසුන විට නියමිත කාලයේ සබ්රිටා මූලික වෙමින් කළ සටනේ ඊ ළඟ පියවරේ වගකීම නේපාල දැල් රකින්නී සහ කණ්ඩායම් නායිකා ඇන්ජිලා ටුම්බාපෝ විසින් භාර ගනු ලබනවා.ඇය ඉන්දියානු ක්‍රීඩිකාවන් එල්ල කරන ලද ගෝල දෙකක්ම වළක්වමින් දඩුවම් පහර ප්‍රතිපලය නේපාලය ගෝල 4 ක් සහ ඉන්දියාව 2 ක් බවට පත් කරන්නට මැදිහත් වෙනවා.ඒ අනුව අවසාන තරගයට ඉන්දියාව අභිබවමින් පැමිණි නේපාලයට ගෝල 7-1 ක් ලෙස භූතානය පරාජය කරමින් අවසාන තරගයට පිවිසි බංගලාදේශය හමුවෙන්න නියමිතව තිබෙනවා.


බංගලාදේශය පළමුව ඉන්දීය දළ බිඳිමින් මූලික වටයේදී ම ඉන්දියාව පරාජය කළ බැවින් අවසාන තරගය ඉතා තියුණු මුහුණුවරක් ගැනීමට ඉඩ තිබෙනවා.බංගලාදේශය ඉන්දියාවට එරෛහි ලැබූ ජය,භූතානය සහ නේපාලය අතර තරගාවලියේ පළමු දින තරගය ජය පරාජයෙන් තොරව නිම වීම වැනි කාරණා අනුව බංගලාදේශය ඉදිරියෙන් සිටින බවක් හැඟෙන්නට හැකි නමුත්,සිය රටේ සුවිශාල ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ නේපාල දක්ෂතාවය පහසුවෙන් මැඬිය හැකි එකක් නොවනු ඇත.


එසේම ඉන්දියාවට තරගයේ අඩක්ම පාහේ ක්‍රීඩිකාවන් දස දෙනෙකුගෙන් මුහුණ දීමත්,චැල රකින ක්‍රීඩිකා අංජලීගේ සුරක්ෂිත දෑතත්,විශේෂයෙන්ම සබ්රිටා වැනි ක්‍රීඩිකාවන්ගේ ලෙයට ලෙය මෙන් වූ සටන්කාමී ක්‍රීඩා විලාශයත් බංගලාදේශයට පහසු තත්ත්වයක් ඇති කරන්නේ නැහැ.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...